*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

තොරතුරු තාක්ෂණය අනිවාර්යය විෂයයක් කර ඉංග්‍රීසියෙන් 1 සිට 13 දක්වා උගන්වනවා – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

දැනුම සහ නවෝත්පාදන ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගත් තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ ඇ. ඩොලර් බිලියන 1.7ක අපනයන ආදායමක් ඇති බවත් මේ ක්ෂේත්‍රය දළ දේශිය නිෂ්පාදිතයට 7.4% දායකත්වයක් ලබා දෙන බවත් මේ ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් 144,000කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් සමගි ජන බලවේගය අදහස් කරන ආකාරයට ඉදිරියේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් සංවර්ධනයක් ව්‍යාප්තියක් ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඩිජිටල් තාක්ෂණය භාවිතය වැඩි ප්‍රවණතාවක් නිර්මාණය කරන බවත් ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවණතා වර්ධනය කිරිමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කර යුගයට ඔබින නීති පද්ධතියක් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිර්මාණය කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා නිපුණතා සංවර්ධනය වැදගත් බැවින් ඒ උදෙසා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර මේ ක්ෂේත්‍රයේ ආයෝජන ප්‍රවර්ධනය උදෙසා හිතකර පරිසරයක් හා වටපිටාවක් ගොඩනගන බවත් සඳහන් කළේය.

එසේ ම අප රටේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ ලෙස ප්‍රතිපත්තියක් ඇති බවත් මෙහි ක්‍රියාත්මක වීම මන්දගාමී බවත් එය ක්‍රියාත්මක වීම ගැන සත-ුටු විය නොහැකි බවත් ලෝකයේ මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ඉල්ලුම ඇති ක්ෂේත්‍රවලට සැපයුම ලබා දීමට අප රට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතලය ශක්තිමත් කළ යුතු බවත් එය ඉටු කිරීමට නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති වෘත්තීයවේදීන්ගේ සමුළුවකදී ය.

ඩිජිටල් ශ්‍රී ලංකා යැයි කතා කලත් තවමත් පාසල් තුළ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් 1 – 13 විෂයක් කළ නොහැකි වී ඇති බවත් තවමත් උගන්වන්නේ 6 – 13 බවත් එයත් මව් භාෂාවෙන් බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම නිසා මේ වෙනස මුල් ළමා වියේ සිට ආරම්භ විය යුතු බවත් තොරතුරු තාක්ෂණ විප්ලවය ගැන කතා කිරිමට පෙර මූලික හර පද්ධති වෙනස් කර ගත යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

තොරතුරු තාක්ෂණය 1 – 13 සිට ඉගැන්වීම සිදු කරනවා

එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් 1 – 13 දක්වා අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීම සිදු කරන බවත් මේ තොරතුරු සොයා ගත්තේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන තුළින් බවත් සැවොම එකතු කර ගත් ව්‍යාපෘතියක් ලෙස මෙය දියත් විය යුතු බවත් තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය අතිශයින් වැදගත් වන අතර එය දුප්පත්කම තුරන් කිරිමට ද වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ම මෙන්ම විශ්වවිද්‍යාල ද තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට යොදා ගත යුතු බවත් STEAM එඩියුකේෂන් ප්‍රවර්ධනය කළ යුතු බවත් තොරතුරු තාක්ෂණය මෙන්ම ඉංග්‍රීසි ද ඉගැන්විය යුතු බවත් මේ තුළින් තොරතුරු තාක්ෂණ හබ් එකක් බවට රටම පත් කළ යුතු බවත් ඒ තුළින් ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් ජාත්‍යන්තර තලයේ නිපුණයන් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan