*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

2025 ට ඖෂධ මිලදී ගැනීමට නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

ඖෂධ මිල සියයට අටකින් (8%) අඩු කර ලබන වසර සඳහා වූ ඖෂධ මිලදී ගැනීමට නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී . විජේසූරිය පවසයි .

දේශීය ඖෂධ නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ලබාදීමේදී තිබූ ඒකාධිකාරය නතර කිරීම මෙහි අරමුණ වී ඈත.

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා ආරම්භ කළ නව වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් අරුණට විශේෂ ප්‍රකාශයක් කළ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මිල අඩු කිරීම තුළින් සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන දහයකට වඩා ඉතිරි වන බවයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ,

” 2023 මුල්භාගය ගත්තම සාමාන්‍යයෙන් ඖෂධවල විශාල හිඟතාවයක් තිබුණා.අවශ්‍ය ඖෂධවලින් තුන්සියයක පමණ හිඟතාවයන්තිබුණ අවස්ථාවන් තිබුණා. නමුත් අද වන විට ඖෂධ වර්ග තිහ හතළිහක පමණ ප්‍රමාණයක් තමයි අඩු වෙලා තියෙන්නේ.

වර්තමානයේ වන විට මේ ක්‍රම තුනක් යටතේ දැඩිලෙස නියාමනය කරමින් නිර්නායකවලවට එකඟ වෙමින් මේ ඖෂධ විනිවිද ආකාරයෙන් ලබා ගැනීමට කටයුතු කරනවා . 2023 වර්ෂයට සාපෙක්ෂව ඖෂධ වෙනුවෙන් වැය කරපු මුදල අඩු වෙලා තියෙනවා .ඒවගේම ඖෂධ හිඟතාවය අඩුවෙලා තියෙනවා. 2025 වර්ෂය සඳහා ඇනවුම් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. එක පිළියමක් විදිහට දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම.යම් කිසි පුද්ගලයෙක් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවානම් ඔවුන්ට අතදීමක් විදිහට ඔවුන් සමග ගිවිසුම්ගත වෙලා ඔවුන්ගෙන් ඖෂධ ලබා ගැනීමට කටයුතු කරනවා . මෙය මීට වසර කිහිපයකට පෙර පටන්ගත්ත දෙයක්.සාමාන්‍යයෙන් පසුගිය වසරේදි ඖෂධ ලබා ගැනීමට දේශීය නිෂ්පාදකයින් දහසයක් විතර හිටියේ. මේ වනවිට දේශීය ඖෂධ නිෂ්පාදකයින් විසිහත්දෙනෙක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ නිසා විදේශීය මුදල් වැයවීම අඩු වෙනවා ,ඒ වගේම අඛණ්ඩ විදිහට ඖෂධ ලබා දීමට හැකි වෙනවා. ඒ වගේම ගුණාත්මක ඖෂධ ලබාදීම පිළිබඳ සොයා බැලීමට නියාමනය කිරීමට මෙමගින් පහසු වෙනවා.

2025 වසරට ඖෂධ ලබාගැනීමේදි මේ ක්‍රමයම අනුගමනය කළා . පුවත්පත් දැන්වීමක් පල කරලා නව ඖෂධ නිෂ්පාදකයින් ඉන්නවනම් ඔවුන්ටත් දැනට ඖෂධ සපයන නිෂ්පාදකයින් ඉන්නවානම් ඔවුන්ගේ මේ වනවිට ගිවිසුම් අවසන් වෙලා තියෙනවනම් ඒ ගිවිසුම් අලුත් කිරීම සඳහා කටයුතු කළා. ඒ අනුව පසුගියදා දේශීය නිෂ්පාදකයින් සමග කළ සාකච්ජාවකදී 2025 වර්ෂයට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාණයක් ඒ වගේම ඒක් එක් දේශිය නිෂ්පාදන ඖෂධ වර්ගයේ ප්‍රමාණයෙත් ඔවුන්ට සමසේ බෙදා දීමට කටයුතු කළා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාවට වැඩි අවධානයක් යොමුකරලා ඖෂධ වර්ගවලින් සියයට හැත්තෑවක් අසූවක් වගේ ප්‍රමාණයක් ලබාදුන්නේ ඒ අයට. අනෙකුත් දේශීය නිෂ්පාදකයින්ට සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයක් තමයි ලබාදුන්නේ . ඒ තුළින් ඖෂධ නාස්තිය වලක්වා ගන්නටත් ඖෂධ කල් ඉකුත්වීම වලක්වා ගන්නටත් ,ඖෂධවල ගුණාත්මකභාවය රැකීමට සහ රටේ මුදල් අවභාවිත වීම වලක්වා ගැනීමටත් හැකි වෙනවා . ඒනිසා තමයි 2025 වර්ෂයට ඖෂධ වර්ග ප්‍රමාණයක් යමිකිසි ආකාරයට අඩු කරලා තියෙන්නේ” ලෙසද කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan