*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සැකයකින් තොරව සහතිකයි – අකිල විරාජ්

කොළඹ LNW:මැතිවරණ ව්‍යාපාරය වේගයෙන් ඉදිරියට එමින් තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සැකයකින් තොරව තහවුරු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

මේ වන විට විපක්ෂය බෙදී සිටින නමුත් ආණ්ඩු පක්ෂය බෙදී නැති බවත් 69 ලක්ෂයක් ගත්ත පිරිසෙන් නායකයෝ කිහිප දෙනෙක් ඇරෙන්න අනෙක් සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට පෙළගැසී සිටින බවයි කාරියවසම් මහතා කියාසිටියේ.

රට වැටී තිබියදී එය භාරගෙන ගොඩගත් දිනම රනිල් වික්‍රමසිංහ මහතාට ජන්දය දෙන බවට ගම්වල ජනතාව තීරණය කර තිබෙන බවද ජනතාව සමඟ කතා කිරීමේදී පැහැදිලි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

”මම හිතන්නේ නැහැ ජනතාව අත්හදා බැලීම් කරන්න පෙළඹෙයි කියල. දිගින් දිගටම අත්හදා බැලීම් කරලා ලංකාවේ ජනතාව පීඩාවට පත්වුණා. 2019,2020 ත් ඒ වැඩේ වුණා. විශේෂයෙන් අත්දැකීම් නැති නායකයින් බලයට ගේන්න ගිහිල්ලා ඒකෙන් පීඩාවට පත්වුණේ ජනතාව. නැවත අත්හදා බැලීම් කරලා මේ යන මාර්ගය හැර වෙන මාර්ග තෝරලා මේ රට විනාශවෙනවට කවුරුත් විරුද්ධයි. ඒ නිසා බහුතරය මේ සැරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජන්දය දෙන්න තීරණය කරල තියෙන්නේ.” යනුවෙන් අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan