*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

හෙළ කලාව, සංස්කෘතිය ලොවට විදාරණය කළ අසහාය ශාස්ත්‍රඥයා ; ආනන්ද කුමාරස්වාමි

ලංකාව වැනි රටකින් කලාතුරකින් බිහිවී ජාත්‍යන්තර මට්ටමට ගිය විරල ගනයේ විශිෂ්ටයෙක් වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ 77වන ගුණානුස්මරණය ඊයේ(09)දිනට යෙදී තිබිණි. මේ කෙටි සඳහන ඒ වෙනුවෙනි,

ශ්‍රී ලාංකීය චිත්‍ර කලාව, සස්කෘතිය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කාටත් ආනන්ද කුමාරස්වාමි නාමය සදා අමතක කළ නොහැකිවන අතර ලාංකීය සභ්‍යත්වයන් සම්ප්‍රදායන් විශේෂයෙන්ම කලාව හා සංස්කෘතික දායාදයන් සම්බන්ධයෙන් ලෝකයට නව මානයක් විවර කිරීමේ ගෞරවය ප්‍රථම වශයෙන් ඔහුට හිමිවේ.

1877 අගෝස්තු 22දා ලංකාවේ එවකට පැවති ප්‍රබලතම ද්‍රවිඩ ප්‍රභූ පවුලකටදාව උපත ලබන ආනන්ද කුමාරස්වාමිගේ පියා වූයේ මුතු කුමාරස්වාමිය. ඔහු ලංකාවෙන් නයිට් පදවියක් ලද පළමු පුද්ගලයා වේ. ඔහු ලංකාවේ නිදහස් අරගලයේ ප්‍රබල භූමිකාවක් ඉටුකළ පොන්නම්බලම් සහෝදරයින් ඔහුගේ ළඟම ඥාතීන් වශයෙන් හැඳින්වෙන අතර එංගලන්තයේ ගත කළ අවධියේ දී මුණ ගැහුණු එළිසබෙත් බීබී නම් කාන්තාව සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට ලැබුණු දරුවා නම් කරන ලද්දේ ආනන්ද කෙන්ටිෂ් මුතු කුමාරස්වාමි ලෙසයි.

ආනන්ද කුමාරස්වාමිට වයස අවුරුදු දෙක පිරෙන විට ඔහුගේ පියා මිය ගිය අතර මව විසින් ඔහුව එංගලන්තය වෙත ගෙන යන ලදී.

අනතුරුව ආනන්ද කුමාරස්වාමි එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භූගර්භ විද්‍යාව සහ උද්භිත විද්‍යාව පිළිබඳව උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව එතිල් මේරි නම් තරුණිය සමඟ විවාහ වී 1902 වසරේ නැවත ලංකාවට පැමිණේ, අනතුරුව කුමාරස්වාමි ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණ කාර්යාංශයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා බවට පත් වේ.

ඒ හරහා ඔහු ලංකාව පුරා ඛනිජ ද්‍රව්‍යය ගවේෂණය කිරීමට කටයුතු කළ අතර ඔහු පාගමනින් මෙන්ම කරත්තවලින් ද රට පුරා සංචාරය කරමින් ඛණිජ සම්පත් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලදී.

ඉංග්‍රීසි, ප්‍රංස, ලතින්, ග්‍රීක්, සංස්කෘත හා පාලි භාෂාවන්හි හසල දැනුමක් ඇති කුමාරස්වාමි හට සිංහල, දෙමළ, හින්දි, පර්සියන්, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද භාෂා පිළිබඳ යම් දැනුමකින් ද විය. එහෙයින්ම ඔහුට ඒ ඒ සංස්කෘතීන් ඒවාට අදාළ භාෂා සංස්කෘතීන් තුළම බහා කියැවීමට අවස්ථාව ලැබිණි. ඔහු එහිදී ඒ සංස්කෘතීන් තුළ ඇති ආවේණික සංස්කෘතික ආම්පන්න එම ජාතියේ පැවැත්මට අත්‍යඅවශ්‍ය බව හඳුනා ගන්නා ලදී.

කුමාරස්වාමි උඩරට සහ සබරගමු පළාතේ හා තවත් පළාත්වල ගම්මානවල ජන ජීවිතය, සිරිත් විරිත් ඇතුළු විවිධ ජනශ‍්‍රැතීන් අධ්‍යයනය කළා පාරම්පරික කලාකරුවන් හමුවී කතාබහ කළා ශාස්ත‍්‍රීය ලේඛන සම්පාදනය කොට, ඒවා රාජකීය ආසියාතික සමිතියේ ශාස්ත‍්‍රීය සඟරාවෙත්, බටහිර රටවල පළවූ පුවත්පත් සඟරා ආදියේත් පළ කිරීමට සමත් විය. ඉන්දීය මෙන්ම සිංහල ගැමි දිවි පෙවෙත, ආගම දහම, කලා ශිල්ප, ඇදහිලි, සාරධර්ම සියල්ල ඔහු ගැඹුරු ලෙස අධ්‍යයනය කළ ආනන්ද කුමාරස්වාමි ඔහු විසින් සම්පාදනය කරන ලද ‘ඉන්දීය හා ඉන්දුනීසියානු කලා ඉතිහාසය’ යන කෘතියේ දී පකිස්තානය, නේපාලය, ටිබෙට්, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ජාවා, සුමත්‍රා, වියට්නාමය වැනි රටවල කලා ශිල්පයන්ගේ අනන්‍යතා බටහිරට ජාතීන්ට හඳුන්වා දීමට සමත්විය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කලා හා ශිල්ප පොතෙන් බෞද්ධ, හින්දු, දෙමළ කලා ශිල්ප මෙන්ම මූගල් කලා ශිල්පවල විශිෂ්ට ලක්ෂණ අනුසාරයෙන් ඔහු 1918 දී සම්පාදනය කරන ලද ‘Medieval Sinhalese Art (මධ්‍යකාලීන සිංහල කලා) කෘතිය අප රටට වඩාත් වැදගත් කෘතියයි.

අදටත් උඩරට යුගයේ බිතුසිතුවම් සහ කලා ශිල්ප පිළිබදව ඇති විශිෂ්ඨතම කෘතිය එය වන අතර ලංකාවේ පාසල්, විශ්වවිද්‍යාලයයන් මෙන්ම පශ්චාත් උපාධි පර්යේෂකයන් ද මෙම කෘතිය අනිවාර්ය වේ. මෙහි මහනුවර යුගයේ කුඩා විහාර මෙන්ම ඇත්දත් කැටයම්, පිත්තල කලාත්මක නිර්මාණ, දැව කැටයම් හා කර්මාන්ත, ලාක්ෂා කලාව, රන් රිදී ආභරණ මෝස්තර ආදී දේශීය පාරම්පරික කලා ශීල්ප අතිශය සාර ගර්භ වශයෙන් විස්තර කර ඇති අතර එය එතෙක් මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය කෘතියක් වශයෙන් හැඳින්විය හැකි.

1906 දී ලන්ඩන් ආචාර්ය උපාධිය ලබාගත් කුමාරස්වාමි ලංකාවේ සිය තනතුරෙන් අස්වී ඉන්දියාවට ගොස් භාරත සාහිත්‍යය සහ කලාව හදාරනු ලැබූ අතර 1911 දී එංගලන්තයේ දී ලන්ඩන් රාජකීය ඉන්දියානු සංගමය පිහිටුවීමට ද පුරෝගාමී විය.

ඉන්දියාවේ සිටිය දී ඔහු කෞතුක වස්තු රාශියක් එක්රැස් කළ අතර ඒවා තැන්පත් කිරීමට අමෙරිකාවේ බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ පාලකවරුවරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඒවා තැන්පත් කිරීමට සුවිශාල මන්දිරයක් ලබාදුන් අතර එහි පාලක බවට ද ඔහු පත් කරනු ලැබිය. 1917 දී ඇමරිකා එක්සත් ජනපදයට යන ඔහු බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඉන්දියානු පර්සියානු සහ මුස්ලිම් කලා අංශ භරකාරු ලෙස පත්වු අතර 1947 මියයන තෙක් එක්සත් ජනපදයේ බොස්ටන්වල සේවය කරනු ලැබිය.

ආනන්ද කුමාරස්වාමි මහතා ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ජර්මන් යන භෘෂාවලින් ලියූ පොත් හා ලිපි සංඛ්‍යාව 500 ඉක්මවා යයි. එවන් බොහොමයක් හඳුනාගත නොහැකි අතර Elements of Buddhist Iconography, Introduction To Indian Art, Buddhist Art, History of Indian and Indonesian Art, Teaching of Drawing in Ceylon, The Indian craftsman, Viśvakarmā ; examples of Indian architecture, sculpture, painting, handicraft Rajput Painting, Early Indian Architecture: Cities and City-Gates ඒ අතරින් කිහිපයකි.

බුදුදහම හා හින්දු දහම ම්ලේච්ඡයන්ගේ ඇදහීමක්, පිළිම වන්දනා, වෘක්ෂ වන්දනා ආදී වරදවා වටහාගත් බටහිර රටවල විද්වතුන්ට ඔහු ලියූ පොත් පත්, ලිපි ලේඛන නිසා සත්‍යය වටහා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට පෙළඹිණි. වයස අවුරුදු හැත්තෑවේදී එනම් 1947 සැප්තැම්බර් 9 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේ දී ආනන්ද කුමාරස්වාමි තනි මිනිසකුට තමාගේ ජීවිත කාලයේදී සිදු නොකළ හැකි තරම් අති දැවැන්ත වැඩ කොටසක් සිදු කොට මෙලොවින් සමුගෙන ගිය අතර ජාතියක් වශයෙන් රටට අනගි මෙහෙයක් කළ විද්වතෙක් වෙනුවෙන් අප නිසි ගෞරවය ලබා දුන්නාද යන්න නම් ගැටලුවකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan