නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ ප්‍රජාව සම්බන්ධ වූ රාජ්‍ය විරෝධී විරෝධතා පාලනයෙන් තොර වීමත් සමඟ නේපාලයේ හිටපු අගමැති ජලනාත් ඛනාල්ගේ නිවසට ගිනි තැබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර්, පිලිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් නේපාල මාධ්‍ය ආයතනයක් වන කබාර් හබ් වාර්තා කර තිබුණේ, මැර පිරිසක් චිත්‍රකාර් නිවස තුළ සිරකර පහර දී, ගොඩනැගිල්ලට ගිනි තැබූ බවත් ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුව ඇති අතර ප්‍රතිකාර අතරතුර මිය ගිය බවත්ය.

නේපාලයේ රට පුරා විරෝධතා මධ්‍යයේ විරෝධතාකරුවන් ණේ වන විට පාරිලිමේන්තුව, රජයේ ගොඩනැගිලි, දේශපාලනඥයන් වන ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල්, අගමැති ඔලි සහ හිටපු අගමැතිවරුන් වන පුෂ්ප කමල් දහල්, ප්‍රචණ්ඩා සහ ෂර් බහදූර් ඩියුබාගේ නිවාස ද ගිනිබත් කර, දේශපාලන පක්ෂ කාර්යාලවලට අඛණ්ඩව පහර දී ඒවා ගිනි තබා ඇති අතර රට තුළ දින නියමයකින් තොරව ඇඳිරි නිතිය පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...