අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක මතය දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්!

Date:

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසිපිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බව කථානායකවරයා අද (10) දැනුම් දුන්නේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කථානායකවරයා පවසා සිටියේ මෙය විවාදයක් නොවන බවත් ඒ සඳහා අවස්ථාව නොමැති බවයි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කථානායකවරයා පැවසුවේ අදාළ දැනුම්දීම හොඳින් කියවා බලන ලෙසයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වන දින භාර දී තිබුණු අතර විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අගෝස්තු 19 වන දින පාර්ලිමේන්තුවේ දී පවසන ලදී.

අනතුරුව මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා අදහස් දක්වමින් පැවසුවේ Erskine May, Kaul & Shakdher වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන සදහන්ව ඇති අතර නියෝජ්‍ය ඇමතිවරයකු විධායකයේ කොටසක් බවට‌ පත්වන විට ස්ථාවර නියෝගවල සඳහන්ව නැතැයි කියා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කළ නොහැකි බවයි.

ස්ථාවර නියෝගවල අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගැන නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ෂබ්ධතාවයෙන් හැගෙන්නේ විශ්වාසභංග ගෙන ඒමට නොහැකියි යන්න නොවන බව විපක්ෂ නායකයා පැවසිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයකු විධායක බලතල ක්‍රියාත්මක කරන නිසා එලෙස විශ්වාසභංග යෝජනා ගෙන ඒම සම්ප්‍රදායක් බවත් එය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායක් බවත් විශේෂයෙන්ම 45 (3) ව්‍යවස්ථාව යටතේ පුළුල් ව්‍යවස්ථාමය රාමුව තුළින් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව කතානායකවරයා පාර්ලිමේන්තු ක්‍රම ගැන ඇති පූර්වාදර්ශ පරිශීලනය කළා නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවත් නීතිපතිවරයාගේ උපදෙස් මෙන්ම ලේකම්වරුන්ගේ කාර්ය මණ්ඩලය ලබා දුන් වර්තා සභාගත කරන ලෙසත් මේවා පරිශීලනය කර විපක්ෂයේ මතය සභාවට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන ලෙසත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...

නේපාලයේ විරෝධතාවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අත්දැකීම

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික...

ආකාශ්ගේ දඟ කැවීමේ තර්ජණය මැද කොදෙව්වෝ ඉස්සර වෙති…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...