ජීවත් වෙන්න විදිහක් නැත්නම් ඒක කියන්න. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා නම් දෙමව්පියන් බලාගන්න බැරිද?

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරු අතරින් ජීවත් වීමට අපහසු තරම් ආර්ථික අපහසුවක් ඇත්නම් වර්තමාන ජනාධිපතිවරයාට ඒ බව ලිඛිතව දන්වා සහනයක් ගැනීමේ වරදක් නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එහෙත් පුතුන්ට රොකට් යැවීමට මුදල් ඇත්නම්, ලක්ෂ පහමාරේ සපත්තු දැමීමේ හැකියාවක් ඇත්නම් එවැනි දරුවන්ට දෙමව්පියන්ට සැලකීමේ නොහැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ( අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධ දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

”සාමාන්‍යයෙන් රටවල් කිහිපයක්,ඒ කියන්නේ සිංගප්පූරුව, එංගලන්තය, ඉන්දියාව සහ එක්සත් ජනපදය වගේ රටවල් ගත්තම ඔවුන්ගේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට යම් වරප්‍රසාද කිහිපයක් දෙනවා. ඇයි දෙන්නේ? ඔවුන් විශ්‍රාම ගියාට පස්සෙත් රටට යම් පොදු යහපතක් සේවයක් කරන නිසා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ටෝනි බ්ලෙයාර්. විශ්‍රාම ගියාට පස්සෙත් රට වෙනුවෙන් වැඩ කිහිපයක් කළා. ඔවුන් විශ්‍රාම ගියත් රටේ ප්‍රගතියට, රටේ බ්‍රෑන්ඩ් එකට රට වෙනුවෙන් යම් දේවල් කරන උදවිය. අපේ කට්ටිය මොකද කරන්නේ. පුතාලට මාලිගාවල් හදන්න ට්‍රයි කරනවා. බලය නැතිවුණ දවසේ ඉඳලා ආපහු මේක කොහොමද ගන්නේ කියල කුරුමානම් අල්ල අල්ල ඉන්නවා. මොකක්ද රටට ඒගොල්ලෝ කරන්නේ. මොකක්ද රටට දෙන දායකත්වය. එතකොට සාධාරණද ගරු කථානායකතුමනි බදු ගෙවන ජනතාවගේ මුදල්වලට ඒ දෙය කරන එක. සාධාරණ නැහැ කිසිසේත්ම. මෙම තත්ත්වයන් යටතේ අපි තීන්දු කළා මහජනතාව අපිට දැනුම් දුන්නා, මහජන ජන්දය දුන්නා,අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා කිව්වා මේ වගේ වියදම් අපි කරන්න ඕනේ නෑ. කාටහරි ලොකු ආර්ථික අපහසුතාවයක් තියෙනවනම් අපේ ජනාධිපතිතුමාට ලිපියක් ලියල ඉල්ලන්න. මෙන්න මෙහෙමයි හරි අමාරුයි කියල. එහෙම අමාරුකම් තියෙනවානම් ඉල්ලන එකේ ප්‍රශ්නයක් නැහැ. පුතාලට රොකට් අරින්න සල්ලි තියෙනවා නම් ලක්ෂ පහමාරේ සපත්තු දාන්න පුළුවන් නම් CSN නාලිකා තියෙනවා නම් ඒගොල්ලන්ට දෙමව්පියන්ට සලකන්න හැකියාවක් නැහැ කියන්න බැහැ.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...