අත්අඩංගුවට ගත් මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගත් මොරටුව මහ නගරසභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (10) නියෝග කර තිබේ.

මගනැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනේ කොන්ත්‍රාත්තු 112ක් තම අභිමතය පරිදි ප්‍රජාපාදක සමිති 12කට ප්‍රදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයාව අද දහවල් අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය කර මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැණිව මුදල් ගෙවා ඇති බවත් සැකකාර හිටපු නගරාධිපතිවරයා අදාළ කොන්ත්‍රාත් සඳහා නීතිවිරෝධී ලෙසත් අයුතු සහගත ලෙසත් මැදිහත්වීමෙන් “දූෂණය” නම් වරද සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවත් එම නිලධාරීන් දැනුම් දුන් අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (14) කාලගුණය වෙනස්වෙන හැටි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...