ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරේ.

අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්.10) පෙරවරුවේ කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.

රටවල් එකසිය හැත්තෑවක ක්‍රියාත්මක ආයතනික සාමාජිකයින් (Corporate members) මිලියන 45 සිටින ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය හෙවත් International Chamber of commerce හි ශ්‍රී ලංකා ශාඛාව මෙම ජාත්‍යන්තර බේරුම්කරණ හා සමතකරණ මධ්‍යස්ථානය ආරම්භ කළ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි. ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතුවලදී ඇතිවන ආරාවුල් මෙම බේරුම්කරණය හා සමතකරණය අදාළ කටයුතු මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරන බවත්,ඊට අමතරව මෙම බේරුම් කරන ක්‍රියාවලිය පිළිබඳ හැදෑරීමට බලාපොරොත්තු වන අයගේ පහසුව පිණිස අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ද මෙය පවත්වා ගෙන යාමට අදහස් කරන බව ශනිල් ප්‍රනාන්දු මහතා මෙහි දී පැවසීය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව මීට වසර 70ට පමණ පෙර ආරම්භ කළ බවත්, මෙම බේරුම්කරණය සහ සමතකරණය පිළිබඳ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මෙරට පිහිටුවීමට ලැබීම විශාල ගෞරවයක් සහ ජයග්‍රහණයක් බවද ශනිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඊට අමතරව මෙම බේරුම්කරණ සහ සමතකරණ ක්‍රියාවලි සංස්කෘතියට අලුත් මුහුණුවරක් ලබාදෙමින් දෙපාර්ශ්වයේම කාලය සහ සම්පත් වැයවීම අවම කරමින්,එම බේරුම්කරණ ක්‍රියාවලිය අවම කාල සීමාවක් තුළ අවසන් කිරීමේ නව (Control Arbitration) සම්ප්‍රදායක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව ඔහු කියාසිටියේය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මුළු ලෝකය පුරාම ක්‍රියාත්මක ආයතනයක් බැවින් මෙම බේරුම්කරණ ක්‍රියාවලියට අදාළ බේරුම්කරණ මධ්‍යස්ථාන සිංගප්පූරුව,හොංකොං,නිව්යෝර්ක්,අබුඩාබි සහ පැරිස් යන ස්ථාපිත කර ඇති බවත්, බේරුම්කරණය පිළිබඳ ඉහළ මට්ටමේ වෘත්තික නීතිඥවරුන් සිටින ශ්‍රී ලංකාවේ මෙම නව කාර්යාලය පිහිටුවීම ඉතාමත්ම ඵලදායී ඓතිහාසික පියවරක් බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ
Tojus Chauawan මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපතිවරු වන හේමකුමාර ගුණසේකර, ජොනී පෙරේරා, ලේකම් ඉන්දික රාජපක්ෂ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය ද එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...