පළාත් පාලන මැතිවරණ තවත් වසරකින් කල්යන ලකුණු !

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල්දැමීම සඳහා ආණ්ඩුව සූදානමින් සිටිනවා. පසුගියදා පැවති සාකච්ඡාවකදී ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් මෙම තීරණයට එළඹ තිබේ.

මෙම වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය, පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයාට හිමි බලතල ප්‍රකාරව වසරකින් කල්දැමූ අතර ලබන වසරේ මාර්තු මාසයේදී මැතිවරණය පැවැත්වීමට නියමිතය.

තවත් වසරකින් මැතිවරණය කල්දැමුවහොත් මීළඟ පළාත් පාලන මැතිවරණය 2024 මාර්තු දක්වා කල්යනු ඇත. මෙවර පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැමීමටයි ආණ්ඩුව සැළසුම් කර තිබෙන්නේ.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පොදුජන පෙරමුණද ඒ සඳහා එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...