*
Monday, October 7, 2024
spot_img

Latest Posts

SRI LANKA, OCA වීම දක්වා

ආසියානු රගර් සම්මේලනයේ වත්මන් සභාපතිවරයාට නිලවරණයේදී ඡන්දය ලබා දුන්නේ නැත.ඒ නිලවරණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡන්දය දීමට සහභාගි වූයේ ලසිත ගුණරත්න ය. එසේනම් එවකට හිටපු සභාපතිය.ශ්‍රී ලංකාවේ ඡන්දය වත්මන් සභාපතිවරයාට නොලැබුණේ ඔහු අතින්ය.ආසියානු වත්මන් සභාපතිවරයා ඒ ගැන උරණව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ හරීන් ප්‍රනාන්දුට ලියා පැවසුවේ කුමක්ද යන්න පාඨකයන් බොහෝ දෙනෙක් දන්නවාට සැක නැත.

එතැන සිට ඇරඹෙන ආසියාව සහ ශ්‍රී ලංකාව ලෙස රගර් කේෂ්ත්‍රයේ ඈත්වීම ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ රගර් නායකයෙක් වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සමයේ වෙනස් ස්වරූපයක් ගත්තේය.ආසියාවේ මුල් පුටුව හා වඩාත් සමීප වූ හිටපු සභාපතිවරයෙක් වූ අසංග එහි නිලයකට පවා සමීප වන අතර,ඒ වන විට යම් ආකාරයකින් ආසියානු සභාපතිවරයාගේ හැසිරීම නිසා ආසියාතික මට්ටමේ වැඩවලට පහසුකම් සහ අනුග්‍රහ ලබා දීමෙන් වැළකී සිටි ජාත්‍යන්තර සම්මේලනයේ අනුග්‍රහ හිඟය පියවා ගැනීමට අසංග සෙනවිරත්න හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාවම යොදා ගන්නට ආසියානු සභාපති කයිස් අබාදුල්ලා ක්‍රියා කරන්නේය.
මේ තත්ත්වය මත ඉන් අනතුරුව අසංග සෙනවිරත්න දවස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පවුම් 50000 ක දඩයකට යටත්වීම නිසා රගර් කේෂ්ත්‍රයේ යම් පිරිහීමකට ලක්ව සිටි අසංගව උපදේශක මඬුල්ලක ප්‍රධානියා කර ශ්‍රී ලංකා රගර් වෙත යළි ඈදන්නට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ආසියානු සභාපතිවරයා උථ්සාහ ගන්නේය.මේ තත්ත්වයන් හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාම යොදා ගෙන ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ අනුග්‍රහයන්වලට සහ පරිපාලනයන්ට අත පෙවීම නිසා ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පෞද්ගලික දෝෂාරෝපනයට ලක්වන අතර එය ලංකවේ දේශපාලන අධිකාරිය ද ආසියානු සභාපතිවරයා ද,තමන්ගේ බලය නොසළකා හැරීමක් ලෙස උපකල්පනය කිරීම නිසා එතැන් සිට ඇතිවන්නේ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට එරෙහිව ආසියානු රගර් සහ ලංකාවේ ක්‍රීඩා දේශපාලනයේ ඉහළ පුටු අතර ගැටුමක්ය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියෙන් යම් ආකාරයකට රගර්වලට සම්බන්ධවීමේ නීතිමය වාරණ පැනවී සිටි පිරිස් ද ආසියානු සභාපතිවරයාගේ ඔඩොක්කුවට වැටී රටේ ක්‍රීඩාවේ දේශපාලන ප්‍රදානියාගේ හිසට විෂ විඳ,ශ්‍රී ලංකාවේ රගර් ගමණට අකුල් හෙලීම අරඹන්නේ නැවත වාරයක් නොසළකා හැරීම් සහ තමන්ට ශ්‍රී ලංකාවේ රගර් හරහා අහිමි වී තිබෙන ඉඩ දේශපාලන ප්‍රවේශයකින් අත්පත් කර ගන්නටය.ලංකාවේ රගර්වලට ආසියාවේ බලපෑම නැත්නම් තහනම ලෙස අප පසුව හඳුනාගන්නේ මේ කාරණය ය.
ඒ නිසා දිගින් දිගටම රගර් සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ධජය ජාත්‍යන්තර වශයෙන් එසැවීමට ඇති ඉඩ ආසියානු සභාපතිවරයා තමන්ගේ බලය යොදා වැළක්වීමට උත්සාහ දරන අතර,රගර් කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය පිරිහී සිටින පුද්ගල කණ්ඩායම් එහිදී රටේ ක්‍රීඩාවේ දේශපාලන අධිකාරියට සමීප වී තන්ට හෝ තම හිතවතුන්ට රගර් පරිපාලනයේ අවස්ථාවක් දේශපාලන ආශිර්වාදය ඇතුව ලබා ගන්නට වෙහෙස වන්නට විය.දේශපාලන අධිකාරිය මෙන්ම රගර්වල බලයේ සිටි පිරිස් මෙන්ම,එහි ඉඩකඩ තමන්ගේ භාවිතාවන් නිසාම අහිමිකර ගත් සහ යළි පිවිසෙන්නට නොහැකි තරමට පිරිහුණු පිරිස් ද මේ අවස්ථාවන් හී සිටියේ ශ්‍රී ලංකාවේ රගර්වල ස්වාධීනත්වය වෙනුවෙන් රගර් පරිපාලනය කරන පෙනී සිටීම ආරක්ෂා කිරීමට නෙවේය.


ඒ අශුද්ධ සංධානයේ පලයක් විදිහට මෙවර ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවේ රගර් කණ්ඩායමට මොනම ආකාරයකින් හෝ සහභාගි නොවන ආකාරයට පාර වසන්නට විශාල උත්සාහයක් ආසියානු සංගමය විසින් දැරූ නමුත් ආසියානු ඔලිම්පික් කමිටුව විසින් දැඩි ස්ථාවරයක පිහිටා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ කණ්ඩායම ලෙස තරග වැදීමට අවස්ථාව උදා කර දුන්නේය.ශ්‍රී ලංකාවේ ඡන්දය නොලැබීමේ සිත් රිදවීමේ සිට ආසියානු සභාපතිවරයාගේ සිත රිදීම පසුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට පහරක් එල්ල කරන තත්ත්වයේදී ඇති වූ විරසකවීම මෙන්ම,ඔහු පෞදගලිකව නියෝජනය කරන රටේ රගර් ක්‍රීඩාවට ආසියානු තරගාවලිය වැනි තරගාවලියකදී ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවෙන් ඇති බාධාවද මෙහිදී පෞද්ගලිකව සිය දේශයේ ගෞරවයට ආදරය කරන්නෙක් හැටියට ඔහුට බලපාන්නට ඇත.නමුත් භුමියට වඩා තමන්ගේ තත්ත්වයන් ඉහළ දමා ගැනීමට උත්සාහ දරණ පිරිස් ශ්‍රී ලංකාවට වඩා සිතුවේ තමන්ට රගර් සමාජය විසින් අහිමි කර තිබෙන පිළිගැනීම දේශපාලන වශයෙන් හෝ යළි අත් කර ගැනීමේ අවස්ථාවක්ය.නමුත් අවසාන මොහොතේ ශ්‍රී ලංකාවේ රගර් සභාපතිවරයා නිසා ආසියාවේ ඉඩ ඇහිරී ඇති බව පෙන්නා දෙමින් නීතිය ඉදිරියේ රගර් පරිපාලනයට ඇති ඉඩ පමා කිරීම ඉවත් කිරීමට සභාපති රිස්ලි ඉල්ලියාස් ද ඉවත් වූ පසු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනයට ශ්‍රී ලංකාවට ඇකි මං ඇහිරීම ඉවත් කළ යුතු වුවත්,ආසියානු සභාපතිවරයා එසේ කළේ නැත.


අමාත්‍යවරයා සහ අමාත්‍යංශයද,ශ්‍රී ලංකාවේ රගර්වලට පහර දෙන්නට ආසියානු සභාපතිවරයා භාවිතයට ගත් ශ්‍රී ලංකාවේම පිරිස් ද අන්දවා තමන්ගේ ගෝලය ගැසීමට සහ තමන්ගේ මව්බිමට පහසුවෙන් ඉදිරියට ඇදෙන්නට හැකි මාර්ගයක් සකසා ගැනීම යන කාරණා මත පිහිටා වැඩ කළ ආසියානු සභාපතිවරයාට අවසාන වශයෙන් රටක පරිපාලනයට වඩා ඒ ක්‍රීඩාව නියෝජනය කරන ක්‍රීඩකයින්ට අවස්ථාව දීම වැදගත් බව මතක් කළේ ආසියානු ඔලිම්පික් සංගමයය.එයට ද එරෙහිව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව ඉවත් කර තැබීමට උත්සාහ කළ අතර අවසානයේ ආසියානු ඔලිම්පික් සංගමයට ආසියානු ක්‍රීඩා උළෙලේ වගකීම සහ බලය ඇත්තේ ආසියානු රගර් සංගමයට නොව ආසියානු ඔලිම්පික් සංගමයට බව ද,ඔවුන්ට රගර් ක්‍රීඩාවම වුව ද ඉවත් කළ හැකි බව ද පෙන්වා දෙන්නට සිඳු විය.ඒ නිසා ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩකයන්ට ආසියානු ක්‍රීඩා උළෙලට පිවිසීම වැළක්වීමට නොහැකි විය.ඔවුන් පදක්කමක් දිනා ගතහොත් එය සම්බන්ධයෙන් අවසාන තීරණය කුමක්ද යන්න ආසියානු රගර් සංගමය දැනුම් දී ඇතත්,ඊට පෙර ක්‍රීඩා වැඩ කටයුතු ගැන තීරණය කිරීමේ බලය ආසියානු රගර් සංගමයට නැති බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය දන්වා අවසන්ය.


ඒ නිසා මෙහි ප්‍රධාන ඡායාරූපය හැටියට ආසියාවේ විරෝධයට පාවඩ එලුණු හැටි කියන මේ ඡායාරූපය යෙදීම වැදගත් කෙට අපි සිතුවෙමු.එහි ආසියානු සභාපතිවරයා ද,ශ්‍රී ලංකා රගර් වෙතින් නුසුදුසු භාවිතාවන් සළකා ඉවත් කරන්නට කටයුතු කළ අය ද,ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්ත්යට පත් කරන අන්දමේ තීරණවලදී රගර් හි පරිපාලන නායකත්වය දැක් වූ පුද්ගලයෝද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමත්‍යවරයා සමඟ එකට සිටිති.
මේ සබඳකම් හරහා ශ්‍රි ලංකාවට කිසිම ආකාරයකින් ආසියානු සහභාගීත්වයට ඉඩක් නොලැබෙන ආකාරයට පාරවල් වැසී ගිය ද,අවසානයේ ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීත්වයට නොදැණුනු හැගීමකින් කටයුතු කරන්නට ආසියානු ඔලිම්පික් ඉදිරිපත් විය.ඒ සඳහා කරුණු දැක්වීම් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රියා කළේය.ශ්‍රී ලංකාවේ රගර් තහනම් ඉවත් කරමින් ද,විරෝධය ඇත්තේ සභාපති රිස්ලි ඉල්ලියාස් සමඟ කියා පවසා සිටියදී ඔහු ඉවත් වී ඇති තත්ත්වයක ද,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය සිය පදයට නැට වූ ආසියානු සභාපතිවරයා මුලින් ප්‍රකාශ කළ පරිදි ආසියානු සහභාගීත්වයට ඇති බාධා ඉවත් වූ පසුවද,තව තව කරුණු පෙන්වමින් ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට ඉඩ නොදෙන්නම වෑයම් කළේය.අවසානයේ තමන්ට අරුචි නියෝජනය වූ ඉල්ලියාස් ශ්‍රී ලංකා රගර් හී තනතුරුවලින් ඉවත් වුවත් ආසියානු සභාපතිවරයා ඉල්ලියාස්ට විරුද්ධව ආසියානු සභාපතිවරයා සමඟ එකඟව සිටි ක්‍රීඩා අමාත්‍යවරයා හෝ අශුද්ධ සංධානගත පිරිස නොසළකා හරිමින් ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියෙන් පිටතම තැබීමට උත්සාහ කළේය.එය වෙනස් කරන්නට හැකි වූවේ ආසියානු ඔලිම්පික් කවුන්සිලයට වූ අතර ඔවුන් මේ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ධජය නැතත්,ශ්‍රී ලංකාවේ නම කියැවෙන පරිදි ආසියානු රගර් පිටියේ ඉඩ ලංකාවට ලබා දීමට කළ මැදිහත්විම,අනුන්ගේ දේශප්‍රේමීත්වය ගැන විවේචන කරන අයගේ දේශප්‍රේමයේ සීතාම්බර සළු ගැන දැන ගැනීමට ඇති අවස්ථාවක්ය.


කෙසේ හෝ අලුත්ම තත්ත්වය අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු පිටියේ දකින්නට අපිට හැකි වන්නෙමු.ඒ සඳහා ආසියානු ඔලිම්පික් සංගමය පෙනී සිටි නිර්භිත ආකාරයට සහ රගර් ක්‍රීඩකයාට අසාධාරණයක් නොකරන ලෙස දැඩිව නැඟූ හඬටද අපි ගරු කරන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan