දකුණු අප්‍රිකානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් ජීවන ගමනට සමුදෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වයස අවුරුදු 95 ක් වූ Mangosuthu Buthelezi මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු දකුණු අප්‍රිකානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් සහ Zulu ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධියට පත් වූ චරිතයකි.

ජාතිවාදී වර්ණභේදවාදී පාලන සමයේදී, ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) සමග කලකිරීමට පත්වීමෙන් පසුව Zulu Inkatha පක්ෂය ආරම්භ කර ඇති අතර 1990 දශකයේ මුල් භාගයේදී පක්ෂ දෙකේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දහස් ගණනක් මිය ගොස් ඇත.

Mangosuthu Buthelezi පිළිබඳ වැඩිදුරටත් සඳහන් වන්නේ, සුදු-සුළුතර පාලනයට එරෙහිව සන්නද්ධ ක්‍රියා උපක්‍රම සමග එකඟ නොවූ අතර ජනවාර්ගික Zulu නිජබිමක නායකයෙකු ලෙස මධ්‍යස්ථ මාවතක ගමන් කළ බුද්ධිමත් දේශපාලනඥයෙක් ලෙසයි.

ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධකවලට විරුද්ධ වූ අතර, එමගින් රටේ කළු බහුතරයට හානියක් පමණක් සිදුවන බව තර්ක කළ අයෙකි.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා  බුතේලෙසි “විශිෂ්ට නායකයෙකු” ලෙස විස්තර කරමින් උපහාර පුද කළ අතර , ඔහු දශක හතක් තිස්සේ රටේ ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ අයෙක් බවයි එරට ජනාධිපතිවරයා වන රමෆෝසා පෙන්වා දුන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Mangosuthu Buthelezi ඔහුගේ 95 වැනි උපන්දිනය සැමරීමෙන් සති දෙකකට පසු අද මියගිය ගොස් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...