වර්ෂාවෙන් හානි වූ වගාවන්ට වන්දි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දිනවල  අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් ව ඇති අතර එම හානියට පත් කුඹුරු වලටත් වන්දි ගෙවීමට ක්‍රියාත්මක වන  බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ ,  සාර්ථකව වගා කර තිබු මෙම කුඹුරු මේ වනවිට ජලයෙන් යටවීම නිසා බරපතල ලෙස හානියට ලක්ව තිබෙන බවයි

කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූවේ , නියඟයෙන් මෙන්ම  වර්ෂාව නිසා හානියට පත් කුඹුරු වලටත් වන්දි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බවත් , ගොවීන්ට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැති බවත් වගාවන්ට සිදුව ඇති හානිය නිවැරදි පරිදි තක්සේරු කර වන්දි ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!