තවත් පිරිසක් ජනපති රනිල්ගේ සහයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සහය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති රම්‍ය සුදත් දගල්ලගේ මහතා පවසයි.

අද (11) දින නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමින් රම්‍ය සුදත් දගල්ලගේ මහතා ඒ බව කියා සිටියේය .

රම්‍ය සුදත් දගල්ලගේ මහතා ඒ පිළිබඳ පැවසූවේ,

අපිට ඉන්ධන නැතුව බස් දුව ගන්න බැරිව අන්ත අසරණ වෙලා තිබ්බ කාලයක් තිබුණා, ඒ තත්ත්වයෙන් අපිවත් සමස්ත රටේ ජනතාවත් බේරගෙන රට ගොඩදාපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා.

ඔහුට කෘතඥතාවය පළ කිරීම අපේ වගකීමක් වන නිසාවෙන් සහ රටේ අනාගතය හදන්න පුළුවන් එකම නායකයත් රනිල් වික්‍රමසිංහ මහතා බව අපි තේරුම් ගත් නිසා ජනාධිපතිවරණයේදී නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සහයෝගය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අප ඒකමතිකව තීරණය කළා

මෙම අවශ්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක මහතාද සහභාගි වුණ බවයි සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...