හිරුණිකාට නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියෝග කර තිබේ.ඒඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි පවසමිණි.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය. ඊට අමතරව නඩු දිනයේ වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවත් විනිසුරුමඩුල්ල නියෝග කර තිබේ.

පැමිණිලිකරු කියා සිටින්නේ කාන්තාවකට පහර දුන් බව කිය සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නියෝගය විවේචනය කරමින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ බවය.

මේ තුළින් ඇය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඇයට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...