*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

තෙල් නැව් 4කට ගෙවන්න ඩොලර් නෑ. දැනටමත් නැව් තුනක් වරායේ

ඉන්ධන නැව් 4ක් සඳහා ගෙවීම් කිරීමට මුදල් නොමැති වීමෙන් ගැටලුවක් පැන නැඟී ඇති බව වාර්තා වේ.

රජය මේ වනවිට මේ සඳහා ගෙවීම් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 150ක් සොයමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම නැව් හතරෙන් ඩීසල් නැව් දෙකක් සහ බොරතෙල් නැවක් දැනටමත් කොළඹ වරායට පැමිණ ඇති අතර හෙට (12) තවත් පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බව සඳහන්.

මෙයින් එක් ඩීසල් නැවක් සඳහා ගෙවිය යුතු මුදලෙන් කොටසක් පමණක් දැනට ගෙවා ඇති බවත් වාර්තා විය.

ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට කළුකඩ වෙළඳපොලෙන් හෝ ඩොලර් මිලදී ගැනීම සඳහා යෝජනාවක් රජය පාර්ශ්වයෙන් මීට මාසයකට පමණ පෙර සිට ඉදිරිපත් කර තිබුණත් තමන්ට ඩොලර් සැපයිය හැකි නිසා එවැන්නක් අනවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා මහබැංකුව එම යෝජනාවට විරුද්ධ වී තිබිණි. එසේ තම මූලාශ්‍රවලින් ඩොලර් සැපයීමට මහබැංකුව පොරොන්දු වුවත් එය ඉටු නොකිරීම මත මෙම ප්‍රශ්නය පැන නැඟී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan