*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

බේරේ වැව ළඟ ඉඩම නොබේරේ – ආශු මාරසිංහගේ ව්‍යාපෘතියට චෝදනා වැලක් (VIDEO)

බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා බව පවසමින් බේරේ වැව අසල පිහිටි රජයට අයත් වටිනා ඉඩමක් දීර්ඝ කාලයක් සඳහා ජපන් සමාගමකට පැවරීමට ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ කටයුතු කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් වාර්තාවක් හෝ පරිසර ඇගයීම් වාර්තාවක් හෝ ලබාගෙන නොමැති අතර මෙහි තවත් ප්‍රශ්න ගණනාවක් පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.

“බේරේ බේරාගමු කියලා නාඩගමක් නැටුවා 07 වෙනිදා උදේ. බේරේ වැව බේරාගන්න කියලා ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියට ජපන් සමාගමක ආයෝජකයෝ අරන් ඇවිල්ලා තියෙනවා ආශු මාරසිංහ. ජනාධිපති උපදේශක ආශු මාරසිංහ අරන් ඇවිල්ලා තියෙන්නෙ. ආශු මාරසිංහ කැබිනට් එකට කියලා තියෙන්නෙ මේ සමාගම ජපන් සමාගමක් කියලා. හැබැයි සමාගම ලියාපදිංචි කරලා තියෙන්නෙ ජපානෙ නෙවෙයි, සිංගප්පූරුවේ. එතකොට මේකෙ අන්තිමට වෙලා තියෙන්නෙ, රජයට අයත් ඉඩමක් – අපි දන්න විදියට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයට අයිති ඉඩමක් වෙන්න ඕනෙ – බේරේ වැව අයිනෙම තියෙන වටිනා රජයේ ඉඩමක් ආශු මාරසිංහටයි සමාගමටයි දීලා තියෙනවා අවුරුදු පහළවකට, විස්සකට ව්‍යාපෘතිය සඳහා කියලා. ව්‍යාපෘතියට පාවිච්චි කියලා රජයේ ඉඩමක් දීලා තියෙනවා, මේ ව්‍යාපෘතිය යනවා කියනවා අවුරුදු 15ක් 20ක්. එතකොට අවුරුදු 15ක් 20ක් ව්‍යාපෘතිය යන අතරේ මේ ඉඩමේ මොකක්ද කරන්න යන්නෙ ? ආශු මාරසිංහ හෝටලයක් දාන්නද යන්නේ ?

මේ මගේ අතේ තියෙනවා රනිල් වික්‍රමසිංහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විදියට අත්සන් කරපු කැබිනට් පත්‍රිකාව. එතකොට රනිල් වික්‍රමසිංහගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් දාලා දැන් ඒක හරහා ආශු මාරසිංහට ඉඩමක් පවරලා ව්‍යාපෘතියක් බාරදීලා. මේ ව්‍යාපෘතිය මොකක්ද ? මේකෙ කියන්නෙ බේරේ වැව පිරිසිදු කිරීම සඳහා බේරේ වැවට බැක්ටීරියාවක් දානවාලු. එහෙම බැක්ටීරියාවක් දානකොට මෙන්න මේ නිශ්චිත ප්‍රශ්න මතුවෙනවා. බැක්ටීරියාව මොකක්ද ? ඒ බැක්ටීරියාව ලංකාවේ පරිසරයට මුසුවීමෙන් සිදුවීමට නියමිත ප්‍රතිවිපාක ගැන තාක්ෂණ ඇගයීම් කමිටුවක වාර්තාවක් තියෙනවාද ? තියෙනවා නම් කෝ ඒක ? ලංකාවට බැක්ටීරියාවක් හෝ ක්ෂුද්‍ර ජීවියෙක් ගෙනෙද්දී නිරෝධායන ක්‍රියාවලියක් තියෙනවා, නිරෝධායන නීතියක් තියෙනවා, ඒ නීතිය ක්‍රියාවේ යෙදෙව්වාද ? නිරෝධායන ක්‍රියාවලිය ගියාද ? එහෙම නැත්නම් ආශු මාරසිංහට ඕනෙ ඕනෙ වෛරස්, බැක්ටීරියා ලංකාවට අරන් එන්න පුළුවන්ද ? අපි නිශ්චිතවම කියනවා එහෙම නිරෝධායන ක්‍රියාවලියක් ගියේ නෑ.

ඒ විතරක් නෙවෙයි, මේ වගේ දෙයක් වෙද්දී මධ්‍යම පරිසර අධිකාරියට ඒ සම්බන්ධ යෝජනාව භාරදීලා පාරිසරික ඇගයීම් වාර්තාව ලබාගත යුතුයි මේ බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම විසින් පරිසරයට සිද්ධ වෙන්න නියමිත දේවල් ගැන. එහෙම වාර්තාවක් ගත්තාද, වාර්තාවක් ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළාද ? ඉතාම වගකීමෙන් කියනවා මධ්‍යම පරිසර අධිකාරියට යෝජනාව ඉදිරිපත් කරලාත් නෑ, පාරිසරික ඇගයීම් වාර්තාවකුත් නෑ. මේ බැක්ටීරියාව මුදාහැරීම විසින් ලංකාවේ පරිසරයට, මිනිස්සුන්ට වෙන්න නියමිත ප්‍රතිවිපාක ගැන කිසිදු පර්යේෂණයක් කෙරිලාත් නෑ. අපි අහනවා මේ බැක්ටීරියාවට කොහේ හරි පේටන්ට් තියෙනවාද ? ඒ පාර ආශු මාරසිංහ කියනවා බැක්ටීරියාවක් නෙවෙයි එන්සයිමයක් ලු. හරි, ඒ මොකක්හරි එකක් කියමුකෝ, ඒකට පේටන්ට් එකක් තියෙනවාද ? කොයි රටේද පේටන්ට් එක හම්බවෙලා තියෙන්නෙ ? ඒක දැන් ලංකාවේ නීතියට අන්තර්ග්‍රහණය වෙන්නෙ කොහොමද ? අනිත් එක කැබිනට් පත්‍රිකාවෙ කොන්දේසි වගයක් දාලා තියෙනවා. ඒ කොන්දේසිවලට එකඟව බැක්ටීරියාව ගේන්න දෙනවා කියලා. ඒ එක කොන්දේසියක්වත් ඉටු නොකර, හදිස්සියේ දැන් මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ කොහොමද ?”

පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ පසුගිය 07 වනදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan