දයාසිරිගෙන් පස්සේ තිලංගටත් ටිකට් එක ඇදෙන ලකුණු !

Date:

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාලව ඒ තනතුරින් අයින් කරන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියි.

තිලංග සුමතිපාල කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ගැටගහන්න කට්ටියක් ගෙනියන උත්සාහයට එරෙහිව පෙනී හිටපු, දයාසිරි ජයසේකරත් එක්ක ඊට එරෙහිව වැඩකරපු කෙනෙක්.

ඒ නිසා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා එයාව ශ්‍රීලනිප මහලේකම් කමෙන් අයින් කළා වගේම තිලංගවත් එජනිස මහලේකම් කමෙන් අයින් කරන්න ශ්‍රීලනිප ලොක්කෝ ලෑස්ති වෙනවා කියලා තමයි කියවෙන්නේ.

කොහොමත් එජනිස හිටපු මහලේකම් මහින්ද අමරවීර ඔය තනතුර සම්බන්ධයෙන් පවරපු නඩුවකුත් තියෙනවා. ඉතින් තිලංගව අයින් කරලා ආපහු අමරවීරටම ඕක දෙන්න කියලා ආණ්ඩුවේ ඇමතිකම් ගත්තු ශ්‍රීලනිප සෙට් එකෙන් පක්ෂ නායකයාට දිගින් දිගටම ඉල්ලීම් ලැබෙනවා කියලා ආරංචියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...