*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

විශ්ව විද්‍යාල පද්ධතිය ස්වාධීන විය යුතුයි – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝකය සහ ලෝක රැකියා වෙලෙදපොල ඉලක්ක කරගෙන අධ්‍යාපනය වෙනස් විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටී.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

” උසස් පෙළ කලාට පස්සේ ළමයෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබනවා. එතනින් එහාට රැකියා වෙළදපල ඇතුලේ තරුණයාට තිබෙන තැන කුමක්ද මේ ගැන අපි වහාම සොයා බැලිය යුතුයි.අපි සූදානම් විය යුත්තේ  අනාගතයට.
පලවෙනි කාරණය,  අප ලෝකයේ බොහෝ රටවල් වලට වඩා වෙනස් කාරණයක් තමයි අපේ රටේ උසස් පෙළ විභාග ක්‍රමය. මොකද උසස්පෙළ විභාගය  තමයි අපට තියෙන  එකම විකල්පය සහ එකම සුදුසුකම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට. නමුත් එය වෙනස් වියයුතුයි . විශේෂයෙන්ම  විශ්ව විද්‍යාලයට ප්‍රවිශ්ඨ වීමට උසස් පෙළ විභාගය හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි.

මම විශ්වාස කරනවා විශ්ව විද්‍යාල පද්ධතිය ස්වාධීන විය යුතුයි. රජයේ විශ්ව විද්‍යාල එකිනෙක අතර යම් තරඟකාරිත්වයක් ගොඩ නැගිය යුතුයි. ඒ අනුව විශ්ව විද්‍යාල වලට අපි ස්වාධීනත්වයක් දුන්නොත් තමන්ගේ ශිෂ්‍යයින් තෝරා ගැනීමට ඒතුල ක්‍රීඩකයින් , කළාකරුවන් වගේම උසස් පෙළ Z – score වලින් එන ශිෂ්‍යයින්ව බඳවා ගැනීමට පුළුවනි. තරඟකාරිත්වය තුල විෂයපථය වෙනස් වී , තරඟකාරිත්වය තුල සෑම විශ්ව විද්‍යාලයකින්ම උපාධිය ලබන දරුවා රැකියාගතවීමේ ප්‍රතිශතය ගැන සෑම විශ්ව විද්‍යාලයක්ම අවධානය යොමු කරයි. අවසානයේ දී උපාධියක් ලබා ගෙන රජයේ රැකියාවකට පමණක් සීමා වෙනවාද එසේනොමැති නම් අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ලෝක රැකියා වෙළඳපලට තරඟකාරිත්වයක් දෙන්න පුළුවන් ශිෂ්‍යයෙක් බවට පත් කරනවාද කියන ගැන සොයා බැලිය යුතුයි.

අවුරුද්දකට දරුවන් ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. එයින් 10%ක ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්නේ ඉතුරු අයට මොකද වෙන්නේ ? පැහැදිලිවම ලක්ෂ 3 ක් උසස් පෙළ විභාගය ලියපුවාම එයින් එක්ලක්ෂ හැට පන්දාහක් එක්ලක්ෂ හැත්තපන්දාක් අතර ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා .

එයින් ලමයි තිස්දාහකට  හතලිස්දාහක ප්‍රමාණයකට තමයි රජයේ විශ්ව විද්‍යාලයක් ලැබෙන්නේ.  එතනින් එහාට අපි මොනවාද කරන්නේ. මම විශ්වාස කරනවා නිපුණතාවය , වෘත්තීය පුහුණුව කාර්මික පුහුණුව වගේම අපි දේශපාලනික වශයෙන් මැතිවරණ වලදී  පොරොන්දු වෙනවා ශිෂ්‍යන්ට ණය දෙනවා කියලා විදේශීය විශ්ව විද්‍යාල වලට යන්න. එතනින් එහාට ගිය වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කල යුතුයි. අපි සක්‍රීය අරමුදලක් නිර්මාණය කල යුතුයි උසස් අධ්‍යාපනය සදහා දේශීය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි දරුවන්ට   , දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකට ඇතුලත්ව ලෝක රැකියා වෙළදපොලට  රැකියාගත දරුවෙක් බවට පරිවර්ථනය කිරීමට. ඒ සක්‍රීය අරමුදල තුල මේ රටේ බොහෝ දරුවන්ට අවකාශය ලැබෙයි කියලා. ඒ වගේම මම කලින් ප්‍රකාශ කල පරිදි විශ්ව විද්‍යාල වල තරඟකාරිත්වය ඇති කිරීම තුලින් හා උසස් පෙළ එකම විකල්පය නොවීම තුල බොහෝ නිපුණතාවන් ඇති දරුවන්ටත් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත වෙනවා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan