රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් බව වාර්තා වේ.
අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙයි.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය , ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් විස්තර සඳහන් කිරීමක් සිදුකර නොමැත.