දිවුරුම් දෙන වේලාව ගැන රනිල්ගෙන් අනුරට පණිවිඩයක් ?

Date:

සැප්තැම්බර් 22 වනදා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසුව තමන් ක්ෂණිකව ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බවත් ඉන් අනතුරුව ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනක කියලා තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන සගයින් පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවක් අතරේ එතන හිටපු එක් කෙනෙක් මේ කතාව ජනාධිපතිවරයාට කියලා. එතැනදී රනිල් එකපාරටම මෙහෙම කතාවක් කිව්ව ලු.

“අනුරට පණිවිඩයක් යවන්න කලබල වෙන්න එපා කියලා. මම වෙලාව බලලා තියෙන්නේ. මගේ කේන්දරේ බලපු අය මට දීලා තියෙන්නේ 22 වෙනිදා දවල් 2යි 4යි අතරේ වෙලාවක්. මම ඒ වෙලාවට ගිහිල්ලා දිවුරුම් දෙන්නම්. අනුරටත් ඒ වෙලාවට ඇවිල්ලා යන්න එන්න කියලා කියන්න. ඒ වගේම මෙතෙක් කරගෙන ආපු වැඩ ටික ඔය විදියටම කරගෙන යන්න කියන්න”

මේක අහපු හැමෝම හොඳටම හිනා වුණා ලු.

ජනාධිපති රනිල් මේක කිව්වේ ඇත්තටමද නැත්නම් විහිලුවටද කියන එක තීරණය කිරීම බාරවෙන්නේ ජනතාවට ….

රනිල් විහිළුවට වගේ කියපු සමහර දේවල් ඇත්ත වෙලාත් නැතුවාම නෙවෙයි ඉතින් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...