රු,10,000ක් නිසා කොස්තාපල් කරගත්ත හරිය!

කොළඹ LNW: රු.10,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (11) පස්වරුවේ කාර්තිවු පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් අකරණ ලද පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාළ පොලිස් කොස්තාපල්වරයා අම්පාර කාර්තිවු පොලිස් ස්ථානයේ රාජකාරී සිදුකර ඇත.

පැමිණිලිකරුගේ ආදායම් බලපත්‍රය නඩුවක් නොපවරා යළි ලබා දීම වෙනුවෙන් සැකකාර කොස්තාපල්වරයා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙයි.

සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...