මහින්දට කරපු වැඩේට අපිත් ගේමක් ගහනවා – දිලිප් වෙදආරච්චි

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වාසය කරන ලද කොළඹ විජේරමේ නිල නිවසින් ඊයේ ඉවත් වූ අතර ඔහු යළි සිය කාල්ටන් නිවස වෙත ගියේය.

ඒ අනුව ඊයේ දිනයේදී උදෑසන කාලයේ දේශපාලකයින් මෙන්ම විදෙස් නියෝජිතයින්ද මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විජේරාමේ නිල නිවස වෙත පැමිණි අතර එහිදී රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහය පළකර තිබුණි.

පිරිස අතර සිටි දේශපාලකයින් කිහිප දෙනෙක්ම මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ සිටියේය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙදආරච්චි මහතා පැවසුවේ ”මහින්දට කරපු අසාධාරණයට මුළු ලෝකයම හිනා වෙනවා. අපි එකතු වෙලා ගේමක් ගහනවා. බලමුකෝ” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...