ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන ලෙස ඉදිරියට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

මෙම වසරේ එනම්, 2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන ලෙස පියවර කිහිපයක් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර ආයතනයේ (IDEA) නවතම වාර්තාවට අනූව, මෙම දියුණුව රටේ නව පාලනයේ, ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක කිහිපයක ජයග්‍රහණ පිළිබිඹු කරයි.

මේ අනුව, ගෝලීය රටාවන් පෙන්නුම් කරන්නේ පසුගිය වසරේ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බවයි.

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, රටවල් 94 ක්, නැතහොත් සමීක්ෂණයට ලක්කළ රටවල්වලින් අඩකට වඩා – 2019 සහ 2024 අතර අවම වශයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකවලින් එකක හෝ පහත වැටීමක් පෙන්නුම් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...