*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

උ. පෙළ කල් දමන්න – උ. ල. නායක විමල් ඉල්ලයි

2022 අ.පො.ස. උසස් පෙළ විභාගය කල්දමන ලෙස උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ඉල්ලා සිටී.

අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඒ මහතා සඳහන් කරන්නේ 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණේ 2022 අගෝස්තු 28 වනදා බැවින් එම විභාගයට දෙවැනි වර සහ තෙවැනි වර පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට ලැබී ඇත්තේ මාස තුනක පමණ කාලයක් පමණක් බවයි.

ඒ අනුව 2022 දෙසැම්බර් 05 වනදා සිට එම විභාගය පැවැත්වීමට ගෙන ඇති තීරණය වෙනස් කර එම සිසුන්ට විභාගයට සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසයි විමල් වීරවංශ මහතා ඉල්ලා සිටින්නේ.


“ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,
අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.

ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි,

2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා සාධාරණ කාලයක් ලබා දීම

2022 අපොස(උසස් පෙළ) විභාගයට පළමු වරට, දෙවන හා තෙවන වරට ද පෙනී සිටින සිසුන්ගෙන්, එම විභාගය 2022 දෙසැම්බර් මස 05 වැනිදා සිට පැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳව අප වෙත දිනපතා දැනුම්වත් කිරීම් රාශියක් සිදු වෙමින් පවතී. ඒ කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු කරමින් ඔබතුමන් වෙත මෙම ලිපිය යොමු කරමි.

2022 අපොස(උසස් පෙළ) විභාගයට පළමු වරට පෙනී සිටින්නේ 2020 ජූලි මස සිට සිය අධ්‍යයන කටයුතු ඇරඹූ පිරිසකි. ඔවුන්ට කොරෝනා වසංගතය හමුවේ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ද දින සියයක පමණ ගුරු වර්ජනය හේතුවෙන් ද ආර්ථික ආපදා තත්ත්වය හමුවේ පැන නැගුණු ඉන්ධන අර්බුදය හේතුවෙන් ද තම අධ්‍යයන කටයුතු සඳහා එල්ල වූ බාධාවන් සුළුපටු නොවන බව ඔබතුමන් ද හොඳින් දන්නා කරුණකි.

දෙවන වරට හා තෙවන වරට මෙම විභාගය සඳහා පෙනී සිටින සිසුන් ද ඉහත කී තත්ත්වයන් හමුවේ පැන නැඟුණු දුෂ්කරතාවන්ට පමණක් නොව ඊට අමතර ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ පා සිටිති. 2021 අපොස(උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල ඔවුනට ලැබෙන්නේ 2022 අගෝස්තු 28 වැනිදා ය. ඔවුනට එම ප්‍රතිඵල මත පදනම්ව දෙවන වරට හෝ තෙවන වරට විභාගයට සූදානම් වීමට ලැබී ඇත්තේ මාස තුනක පමණ කාලයක් පමණි. නමුත් කොරෝනා වසංගතය ඇතුළු රටෙහි උද්ගත වූ ගැටලු හේතුවෙන් 2020 අපොස(උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් හට ප්‍රතිඵල නිකුත් වී මාස 9ක පමණ කාලයක්, එනම් 2021 මැයි සිට 2022 පෙබරවාරි දක්වා කාලයක් සූදානම් වීම සඳහා ලැබී ඇත.

එසේම, සාමන්‍ය පරිදි යම් වසරක අගෝස්තුවේ දී උසස් පෙළ විභාගය පැවැත්වූවා නම් ප්‍රතිඵල දෙසැම්බරයේ දී නිකුත්ව ඊළඟ වර විභාගය, ලබන වසරේ අගෝස්තු මුල පවත්වා ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දෙවන වරට හා තෙවන වරට පෙනී සිටින සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ලැබී ඇති අවම කාලය මාස 07 කි.

මේ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ විට පෙනී යන්නේ 2022 අපොස(උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බව ය. තව ද 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් අප වෙත යොමු කර ඇති, විශාල නියැදියක් උපයෝගී කරගනිමින් ඔවුන් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල මගින් ද පෙන්වා දී ඇත්තේ සියයට 78ක පමණ සිසු පිරිසක් මෙවර විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා සිටින බව ය.

වත්මන් අර්බුදකාරී තත්ත්වයන් මත අප රටෙහි අධ්‍යාපන පද්ධතිය මුහුණ පා ඇති ගැටළු, පසුබෑම් ක්‍රමිකව මඟ හරවා ගත යුතු අතර ඊට පිළියම් ලෙස සිසු මනස පීඩාවට හා ව්‍යාකූලත්වයට පත් වන තීරණ ගැනීම යෝග්‍ය නොවන බව අපගේ අදහස ය. එබැවින් 2022 අපොස(උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

විමල් වීරවංශ(පා.ම.)
සභාපති, උත්තර ලංකා සභාගය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2022-09-11

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan