වැස්ස නිසා විදුලි බලේ සතුටින් – සමනල වැවත් පිරිලා!

Date:

කොළඹ LNW: මේ වනවිට පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ජලාශවල ජාල මට්ටම් ඉහළ යාම නිසා විදුලි උත්පාදනයේ අර්බුදය පහව යමින් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි.

වර්ෂාව නිසා අවම මට්ටමේ පැවති ජලාශ 33%දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සමනල වැව ජලාශයේත් ජාල ධාරිතාව 11%ක් දක්වා වැඩි වී ඇති බවත් පතිරගේ මහතා කියාසිටියි.

ඒ අනුව ජාල විදුලි නිෂ්පාදනය ගිගාවොට් 15ක් දක්වා වැඩිකර තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

”මේ වෙද්දී සුලං සහ ජල විදුලි නිෂ්පාදනය වැඩිකරමින් යනවා.ඊසාන දිග මෝසම පටන්ගද්දී ජලාශ පිරෙන්න පටන් ගන්නවා.
විදුලි බිල වැඩි කරනේ මාසහයකට වතාවක්.මහජන උපයෝගීතා කොමිසම නීතිය අනුව ක්‍රියාකරාවී කියලා හිතනවා. හදිසි මිලදීගැනීම් සදහා මාස හයකට ගිවිසුම් ගතවෙලා තියෙන්නේ. මේ සමඟ මණ්ඩලේ අධික මිලදීගැනීම් අඩුවෙනවා. සමනල වැවේ ලීක් එක වහන්න පහුගිය කාලයේත් උත්සාහා කළා. රන්ටැඹේ ඩෑම් එක හදන්න ගිය වියදම ගිහින් තියෙනවා. ලීක් එක වහන එකෙන් මූල්‍ය වාසියක් නෑ. ඕක දැන් ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ.” යනුවෙන් පතිරගේ මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...