මගේ සල්ලි මට දෙන්න – උදයංග වීරතුංග

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විශේෂ මෝසමක් ගොනු කරමින් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇත. ඒ මිග් යානා ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇති බවට සැක කරමින් අත්හිටුවා ඇති බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින ලෙසයි.

වීරතුංග මහතා එලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ රුසියාවේ තානාපතිවරයා ලෙස වසර 09ක් කටයුතු කළ තමන්ට ලැබුණු තානාපති වැටුප බැර කළ බැංකු ගැනීමේ මුදල් සහ මිග් ගනුදෙනුව සිදුවීමට පෙර (2006 වසරට පෙර) තැන්පත් කළ තවත් බැංකු ගිණුමක මුදල් ද තමන් වෙත මුදාහරින ලෙසටයි.

ඒ සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නීතිඥ අනිල් ද සිල්වා මහතා විසින් , උදයංග වීරතුංග මහතා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත්කරමින් කියා සිටියේ, තම සේවාදායකයාගේ ගිණුම් ඒකපාර්ශ්විකව වසර 08ක් තිස්සේ අත්හිටුවා තිබීමෙන් ඔහු මහත් ආර්ථික අපහසුතාවයකට පත්වී ඇති බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍යමය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට 2015 වසරේ දී දුෂණ විරෝධි කමිටුවට ඉක්බාල් අතාස් නමැති මාධ්‍යවේදියා පැමිණිලි කර තිබුණි. 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කෙරුණි.

වසර 17කට පෙර සිදුවූ මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙලෙස ඒකපාර්ශ්විකව බැංකු ගිණුම් අත්හිටුවා තිබීම බලවත් අසාධාරණයක් බවද මෙහිදී සඳහන් කර ඇති අතර, මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා ගිණුම් අක්‍රීය කළ කාලසීමාව හෙට දිනය (13) දක්වා දීර්ඝ කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පුරා වසර 08 කට වැඩි කාලයක් කලින් කලට ඒකපාර්ශ්විකව බැංකු ගිණුම් අක්‍රිය කිරීම තුළින් පවුලේ එකම ආදායම්ලාභියාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතුවී ඇති අතර, මාස්පතා කරන සියලු ගෙවීම් වසර 08කට වැඩි කාලයක්‌ නතරවී ඇති බවද එමගින් මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවී ඇති බවද පෙන්වාදී ඇත.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මිග් ගනුදෙනුවට ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට පෙර කොමර්ෂල් බැංකුවේ තමන්ගේ ගිණුමෙහි තිබුණු මුදල් මෙන්ම තමන් තානාපති ධුරය හෙබවූ වසර 09 කට ආසන්න කාලයක්‌ ලැබුණු වැටුප් මුදල් ද නිදහස් කරන ලෙසයි.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් නඩු විභාගය එතෙක් කල් තබා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...