කෙහෙළියව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරයි. ලැබුණු නියෝගය මෙන්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (12) දිනයේදී බන්ධානාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩු දෙකකට අදාළව ය.

එහිදී ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කෙරිණි.

ඉන් අනතුරුව ඔහු සිය නිවස බලා පිටව ගියේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ 2024 පෙබරවාරි 02 වනදා ය. එදින සිට ඊයේ දිනය දක්වාම ඔහු බන්ධනාගාරගතව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...