කෙහෙළියව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරයි. ලැබුණු නියෝගය මෙන්න

0
3049

සටහන – රුවන් නෙළුගොල්ල

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (12) දිනයේදී බන්ධානාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩු දෙකකට අදාළව ය.

එහිදී ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කෙරිණි.

ඉන් අනතුරුව ඔහු සිය නිවස බලා පිටව ගියේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ 2024 පෙබරවාරි 02 වනදා ය. එදින සිට ඊයේ දිනය දක්වාම ඔහු බන්ධනාගාරගතව සිටියේය.