කලකට පසු මෛත්‍රී!

Date:

කොළඹ LNW:කලකට පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කොළඹදී මාධ්‍ය වෙත යාම අදහස් දැක්වීමක් කර තිබුණා.

2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පෙන්නුම් කරන්නේ ඉතාම නිහඬ බවක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් කර තිබුණත් ඔහුට ශ්‍රීලනිප ප්‍රබලයින්ගේ සහයක් ලැබෙන තත්ත්වයක් පෙන්නුම් කළේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට ඔහුට සහය දෙන බව පැවසුවද අවසානයේ ඔහුත් නිහඬ පිළිවෙතකුයි අනුගමනය කරමින් සිටින්නේ.

මේ තත්ත්වයන් මැද ජනාධිපතිවරණ ජන්ද විමසීමේ උණුසුම වැඩි වෙන මොහොතක සිරිසේන මහතාගේ නිහඬ බව ගැන මාධ්‍යවේදියෙක් අද ප්‍රශ්න කර තිබුණා.

හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දී තිබුණේ මේ අයුරින්.

” ජනාධිපති ජන්දේ තියයි තියන දවසට ඉතින්. මහ මුහුද නිහඬ වුණාමත් ඒ නිහඬ වීම එක්ක විශාල සුළි එනවා කියනවා. ඒ නිසා මගේ නිහඬ වීමත් එහෙම තමයි. කිසිම කෙනෙක් එක්ක අමනාප නැහැ. මම තනි වෙලත් නැහැ. කිසි කෙනෙක් මට වරදක් කරලත් නැහැ. කා එක්කවත් මගේ තරහක් නැහැ” යනුවෙන්.

කෙසේවෙතත් ඔහුගේ සහය හිමිවන්නේ කාටද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළේද නැහැ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...