බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකුට සේවය අහිමි වෙයි, ඔත්තු බැලූ බවට රුසියාවෙන් චෝදනා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකුගේ සේවය අවලංගු කර ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔත්තු බැලූ බවට චෝදනා කරමිනි.

රුසියානු රාජ්‍ය ආරක්ෂක සේවය වන FSB කියා සිටියේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බවයි . රුසියානු තීරනය පිළිබඳව මොස්කව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිරට අනතුරු ඇඟවූයේ බටහිරට රුසියාව සමඟ යුද්ධයකට අවතීර්ණ වීමේ අවදානමක් පවතින බවයි.

බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිලවලින් රුසියානු භූමියට පහර දීමට නේටෝව යුක්‍රේනයට ඉඩ දුන්නේ නම් මොස්කව් “සුදුසු තීරණ” ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...