බැලූනය සහිත දැරිය’ සොරකම් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම ලන්ඩනයේ ගැලරියකින් ග්‍රැෆික් චිත්‍ර ශිල්පී බෑන්ක්සිගේ සුප්‍රසිද්ධ කලාකෘතියක් වන බැලූනය සහිත දැරිය (Girl With Balloon) යන චිත්‍රය සොරකම් කර ඇති බව වාර්තා වේ.

සසුගිය ඉරිදා රාත්‍රී 11 ට පමණ නිව් කැවෙන්ඩිෂ් වීදියේ ගැලරියන් මෙම සොරකම සිදුවීමෙන් අනතුරුව මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ අතර සොරකම කළ බවට චෝදනා මත විසින් 47 හැවිරිදි බෙක්ටන්හි ලැරී ෆ්‍රේසර් හා 53 හැවිරිදි ස්ටිෆර්ඩ් හි ජේම්ස් ලව් යන අය අත්අඩංගුවට ගෙන ඇති අතර කලා කෘතිය ඉදිරියේදී නැවත කලාගාරයට ලැබෙනු ඇත.

බෑන්ක්සි විසින් නිර්මාණය කරන ලද බැලුනය සහිත දැරිය ලන්ඩනය වටා ඇති ස්ටෙන්සිල් බිතුසිතුවම් මාලාවක් වන අතර එය 2002 දී ආරම්භ කරන ලදී. ඒවා රතු හදවත් හැඩැති බැලූනයක් දෙසට අත දිගු කර තරුණ ගැහැණු ළමයෙකු නිරූපණය කරන අතර ඔහු විසින් ෂෝරෙඩිච් හි වීදි බිතුසිතුවම් සහ ලන්ඩනයේ දකුණු ඉවුර වෝටර්ලූ පාලම සහ වෙනත් බිතුසිතුවම් ලන්ඩනය අවට තිබූ නමුත් ඒවා කිසිවක් මේවන විට ඉතිරිව නැත.

2005 දී බටහිර ඉවුරේ බාධකය සම්බන්ධයෙන්, 2014 දී සිරියානු සරණාගත අර්බුදය ගැන සහ 2017 එක්සත් රාජධානියේ මැතිවරණය සම්බන්ධයෙන් හා 2017 සැම්සුන් මත විමසුමකින් එක්සත් රාජධානියේ අංක එකේ ප්‍රියතම කලා කෘතිය ලෙස ගර්ල් විත් බැලූන් ශ්‍රේණිගත කළේය.

2018 දී, බැන්ක්සි විසින් කලා කෘතියේ රාමුගත පිටපතක් වෙන්දේසියේ විකුණනු ලැබූ අතර Girl With Balloon – Color AP (Purple) මුද්‍රණයක් 2020 සැප්තැම්බර් මාසයේදී වෙන්දේසියක දී පවුම් 791,250 කට අලෙවි වූ අතර, එය බැන්ක්සි මුද්‍රණයක් සඳහා වූ ඉහළම ලංසු මිල සහ අන්තර්ජාල වෙන්දේසියක අලෙවි වූ මිල අධිකම මුද්‍රණය බවට පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේක අපි ලැබූ ජයග්‍රහණයක් : සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : සුප්‍රීම් සැට් පෞද්ගලික...

හැම ඝාතනයක්ම පිටුපස ඇත්තේ පාතාලයද?

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : ඊයේ රාත්‍රියේ ...

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය...