ආර්ථිකය විතරක් නෙවෙයි දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියත් රැක ගන්න වෙලා!

Date:

කොළඹ LNW:ආර්ථිකය පමණක් නොව ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවකුත් දැන් පැන නැගී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (13) සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේදීය.

ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන කරුණු දෙකම රැකගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගත් දේශපාලනයක් ඉදිරියට ගෙන යා යුතු බවයි ඔහු පැවසුවේ.

” අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්. ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්. ජනාධිපතිවරු වෙනස් කරන්න පුළුවන්. පත්කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. අන්න ඒක කරන්න පුළුවන් ආකෘතිය දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්න ඕනේ. අපේ රටේ සමහරු නොදැන කරන්න යන්නේ මෙන්න මේ ආකෘතිය විනාශ කරන එක. ඒ නිසා මේ ජනාධිපතිවරණයේදී අපි ඉතාම පැහැදිලිව කියනවා මෙතැනදී තෝරා ගැනීම් දෙකක් ඇවිත් තිබෙනවා. එකක් තමයි ඒ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අලුත් දේශපාලන නායකතත්වයක්, කණ්ඩායමක් වැඩපිළිවෙලක් තෝරන්න ඕනේ. ඒ සඳහා සමඟි ජන බලවේගයේ පමණයි ශක්තිමත් නායකත්වයක් ශක්තිමත් වැඩසටහනක්,ශක්තිමත් කණ්ඩායමක් ඉන්නේ. ඒක පලමු තෝරා ගැනීම. දෙවෙනි තෝරාගැනීමකුත් දැන් එමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය ආරක්ෂා කරන්න සජිත්ව පත්කරන්න අවශ්‍යයි. ඒ නිසා ආර්ථිකය රැකගැනීමයි,ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමයි කියන අභියෝග දෙකක අප හමුවේ දැන් මතුවෙමින් තිබෙනවා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගත් දේශපාලනය අපි ඉදිරියට ගෙනියනවා.” යනුවෙන් හේරත් මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...