ආර්ථිකය විතරක් නෙවෙයි දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියත් රැක ගන්න වෙලා!

Date:

කොළඹ LNW:ආර්ථිකය පමණක් නොව ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවකුත් දැන් පැන නැගී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (13) සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේදීය.

ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන කරුණු දෙකම රැකගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගත් දේශපාලනයක් ඉදිරියට ගෙන යා යුතු බවයි ඔහු පැවසුවේ.

” අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්. ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්. ජනාධිපතිවරු වෙනස් කරන්න පුළුවන්. පත්කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. අන්න ඒක කරන්න පුළුවන් ආකෘතිය දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්න ඕනේ. අපේ රටේ සමහරු නොදැන කරන්න යන්නේ මෙන්න මේ ආකෘතිය විනාශ කරන එක. ඒ නිසා මේ ජනාධිපතිවරණයේදී අපි ඉතාම පැහැදිලිව කියනවා මෙතැනදී තෝරා ගැනීම් දෙකක් ඇවිත් තිබෙනවා. එකක් තමයි ඒ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අලුත් දේශපාලන නායකතත්වයක්, කණ්ඩායමක් වැඩපිළිවෙලක් තෝරන්න ඕනේ. ඒ සඳහා සමඟි ජන බලවේගයේ පමණයි ශක්තිමත් නායකත්වයක් ශක්තිමත් වැඩසටහනක්,ශක්තිමත් කණ්ඩායමක් ඉන්නේ. ඒක පලමු තෝරා ගැනීම. දෙවෙනි තෝරාගැනීමකුත් දැන් එමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය ආරක්ෂා කරන්න සජිත්ව පත්කරන්න අවශ්‍යයි. ඒ නිසා ආර්ථිකය රැකගැනීමයි,ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමයි කියන අභියෝග දෙකක අප හමුවේ දැන් මතුවෙමින් තිබෙනවා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගත් දේශපාලනය අපි ඉදිරියට ගෙනියනවා.” යනුවෙන් හේරත් මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...