ග්‍රීන්ලන්තයෙහි පෘථිවිය කම්පා කරවන මට්ටමේ භූ තරංඟයක්!

0
511

සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 13 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ග්‍රීන්ලන්තයෙහි ෆ්ජෝර්ඩ්හි දැවැන්ත නාය යෑමක් හේතුවෙන් දින නවයක් පුරා පෘථිවිය කම්පා කරන මට්ටමේ තරංගයක් ඇති කර තිබේ.

පසුගිය සැප්තැම්බරයේ භූ කම්පන සංඥාව ලොව පුරා සංවේදක මගින් ලබා ගත් අතර, එය පැමිණියේ කොහෙන්දැයි සොයා බැලීමට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් රැසක් එක් වී සිටියහ.

නාය යෑම මඟින් පාෂාණ කන්දක් කඩා වැටී ග්ලැසියර කඩා වැටී මීටර් 200 ක තරංගයක් ඇති වී තිබේ.

එම තරංගය පසුව පටු ෆ්ජෝර්ඩ්හි දින නවයක් එහාට මෙහාට ගමන් කරමින් කම්පනයන් ඇති කර තිබේ.