ලෝකය අප දෙසට හැරවිය හැකි තරගාවලියක් විය හැකිය

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

ජපානයේ ටෝකියෝ නුවර ඇරඹෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය කලෙකට පසුව ශ්‍රී ලංකාවට සුබ බලාපොරොත්තු ඇති කර ගත හැකි තරගයක් වනු ඇත.විශේෂයෙන් හෙල්ල වීසි කිරීමේ ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් දෙදෙනාම ලෝකයේ මුල් පෙළේ ක්‍රීඩකයින් අතර සිටින්නේය.රුමේෂ් දසවෙනියාය.සුමේධ 13 වැන්නාය. ඒ අතරින් රුමේෂ් තරංග තමන්ට ලැබුණු නව හෙල්ලය සමඟ පහසුවෙන් කටයුතු කරන අතර බොහෝ විට ලාංකේය ක්‍රීඩකයින් දෙදෙනාම එම හෙල්ලයම තමන්ගේ ඉලක්කය වෙනුවෙන් භාවිතා කරන්න ද ඉඩ ඇත. ඒ දෙස බලා සිටින්නට වෙන්නේ සැප්තැම්බර් 17 වන දා ය.


නදීශා රාමනායක සිටින්නේ පදක්කම් අපේක්ෂිත තරගකාරියක හැටියට නොවේය.එහෙත් අත්දැකීම් සහිත ඇය මැත කාලීනව නැවත නැවත නැඟිටින්නට සිඳු වූ විට සිටියාට වඩා හොඳින් ක්‍රියාත්මක වන බව අපි වින්දෙමු.මීටර් 400 ඉසව්වේ කණිටු ක්‍රීඩකයින්ගේ පිබිදීම නදීශාව හඹායාම හරහාම පොහොසත් වී ඇති අතර එයට ආසන්න උදාහරණ්‍යක් විදිහට මේ මෑත දිනෙක නිමාව දුටු ජෝන් ටාබට් උළෙලේ නදීශාව හඹා යන අලුත් පරපුරේ ජිත් විජේතුංග අති සූර ක්‍රීඩිකාව වෙමින් මීටර් 400 ඉසව්ව වෙනුවෙන් වාර්තා කළ කාලය ඉතා වැදගත් කොට දැක්විය හැකිය.එසේම එම තරගකාරීත්වය මත නදීශා ද වෙනදාට වඩා ඉහළ දස්කම් කරා පිවිසෙමින් තිබීම ද වැදගත් බැවින් මේ තරගාවලිය තුළ ද ඇය පවතින තරගකාරීත්වය යටතේ සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමද ලාංකේය මලල ක්‍රීඩාව අත් කරගන්නා ජයක් වනු ඇත.


ආසියාව නොව දකුණු ආසියාව දෙසවත් නොබැලිය හැකි මට්ටමකට ලංකාවේ ක්‍රීඩාවේ අර්බූදය ලියලා තියෙද්දී,ක්‍රමිකව වසර ගණනක් පුරා සිය දස්කම් පවත්වාගෙන යාමට රුමේෂ්ට උපකාරි වූ ටෝනි ප්‍රසන්න පුහුණුකරුවරයාත්,සුමේධව වර්ථමාන දක්ෂතා අතර රැඳ වූ ප්‍රදීප් නිශාන්ත පුහුණුකාරවරයාත් මේ තරගාවලියේ පදක්කම් අපේක්ෂාවන් සමීපයේ රැදී සිටීමත් වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක...

ආරම්භය තීරණාත්මකයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය එක්දින...

ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ...

AI භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවය ඵලදායි...