ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ජිවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

පැවති අසනීප තත්වය හේතුවෙන් නාරහේන්පිට ආසිරි රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී , ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ඒ(12) ඊයේ පස්වරුවේ දී බවයි වාර්තා වන්නේ.

ඒ මහතා, ලෝක බැංකු සමූහයේ සාමාජික අන්තර්ජාතික මූල්‍ය සමූහයේ (IFC) ප්‍රාග්ධන අලෙවිකරණ අංශයෙහි උපදේශකයෙකු සහ සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂකවරයකු ලෙස තම වෘත්තිය ජීවිතය ගත කළ අතර ,නව රජය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් කටයුතු කළේය.

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන සමයේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම් හා දූෂණ නැවැත්වීමට සුවිශේෂී කාර්යයක් සිදුකර අතර, යල් පැන ගිය නීති රෙගුලාසි වෙනුවට නව නීති සකස් කිරීමටත් මෙම කර්මාන්තය නව්‍යකරණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමටත් අප්‍රමාණ වෙහෙසක් ගත්තේය.

විදේශිකයන් වෙනුවෙන් වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීම වෙනුවෙන්ද එතුමා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ලදී.

එතුමාගේ අවසන් කටයුතු අද(13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර ඥාති හිතමිත්‍රාදීන්ට අවසන් ගෞරව දැක්වීමට අද උදෑසන 9.30 සිටි ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...