ගිනිගත් නේපාලය නිවීමේ වගකීම සුෂිලා කාර්කි වෙත පැවරෙයි. පළමු අදියරේ පාර්ලිමේන්තුවත් විසුරුවා හරියි!

Date:

කොළඹ LNW:නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස පත්වූ සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දුන් අතර ගිනිගත් නේපාලය ගොඩනැගීමේ වගකීම වෙනුවෙන් නායකත්වය දීමේ වගකීම ඇය වෙත පැවරී ඇත.

නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතයි.

මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ Gen Z විරෝධතාකරුවන් සහ ජනාධිපතිවරයා සහ ප්‍රධාන හමුදා නිලධාරියා අතර ඇති වූ එකඟතාවකින් අනතුරුව සුෂිලා කාර්කි අගමැති ලෙස පත් කිරීමට කටයුතු කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...