නිලූක,චන්ද්‍රිකා සහ නදීශා අවසන් පූර්ව තරගවලට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

තායිලන්තයේ පතායා කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන Amazing Thailand-Pattaya BWF World Senior Championships 2025 තරගාවලියේ ලෝක ප්‍රවීනයන් අතර ශ්‍රී ලංකාව අවධානයට පාත්‍රවන රටක් බවට පත් කිරීමට නිලූක කරුණාරත්න,රේණු චන්ද්‍රිකා ද සිල්වා සහ නදීශා ගයන්ති සමත්ව සිටිනවා.නිලූක අවුරුදු 35 න් ඉහළ පිරිමි අර්ධ අවසාන පූර්ව තරගයේදී කායිලන්තයේ නටානන් සාරිරස්ප්‍රිට් ලකුණු 21-15 සහ 21-13 ලෙස පරාජයට කරමින් අවසාන පූර්ව තරගයට පිවිස සිටිනවා.ඒ අනුව නිලූක අවසාන තරගයට සුදුසුකම් ලැබීම සඳහා ජපානයේ කෂුනෝරි ෂිඕෂාවා සමඟ තරග වැදීමට නියමිතයි.


අවුරුදු 50 න් ඉහළ කාන්තා කේවල තරගයේදී රේණු චන්ද්‍රිකා ද සිල්වා ද අවසාන තරගයට පිවිස සිටිනවා.අවුරුදු 45 න් ඉහළ කාන්තා යුගල මෙන්ම අවුරුදු 50 න් ඉහළ මිශ්‍ර යුගල අංශයේද අර්ධ අවසන් පූර්ව තරග නියෝජනය කළත් චන්ද්‍රිකා අවසාන වරට අවසන් පූර්ව තරග සඳහා පිවිසෙන්නට සුදුසුකම් ලබා ගන්නේ කේවල තරග අංශයෙන් පමණයි.ඇය එහිදී නෙදර්ලන්ත‍යේ ඉනෙකි ලොට්ජෙරින්ග් ලකුණු 21 – 5 සහ 21 -11 ක් ලෙස පරාජය කරනවා.චන්ද්‍රිකාගේ අවසාන පූර්ව තරගයේ අබියෝගය බවට පත්ව සිටින්නේ ඉන්දියාවේ ලීනා ධප්රේ යි.


අවුරුදු 40 න් ඉහළ මිහ්‍ර යුගල තරග අංශයේදී නදීශා ගයන්ති ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.ඒ ඉන්දුනීසියානු සහයෝගයද ඇතුවයි.ඇය සිය මිශ්‍ර යුගල සහයකයා ලෙස තෝරා ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ පුනාන්ග් අහ්මත් වන අතර ඔවුන් දෙදෙනා එක්ව චීන හොංකොං නියෝජනය කරන ලද චුන්ග් පායි චෙවුන්ග් සහ පුයි චායි චාන් ලකුණු 21 -9 ක් සහ 21 – 7 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.ඒ අනුව අවසාන පූර්ව තරගයේදී නදීශා සහ රහ්මත්ගේ ප්‍රතිවාදීන් වීමට ඉන්දියාවේ අභිනන්ද් කේ සෙට්ටි සහ සංගීතා මාරි සූදානම්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවා වැටුප් ගැන සුබ ආරංචියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවයේ වැටුප්...

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව හදිසියේම පරීක්ෂණයක්!

කොළඹ (LNW): ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ...

සූදු නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක වෙන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සිදුකර...

බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක...