දුමිදු කොස්ටාරාකවේදිත් – රනිත්මා බෙල්ජයමේදීත් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ මේ වන විට පැවත්වෙන තරගාවලි දෙකකදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින් සිටිනවා.ඒ දුමිදු අබෙිවික්‍රම සහ රනිත්මා ලියනගේයි.
II Costa Rica Future Series 2025 තරගාවලිය නියෝජනය කරන දුමිදු අබේවික්‍රම එම තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන්නට සමත්ව සිටිනවා.තරගාවලියේ පෙළ ගැස්ම අනුව කරන ලද ශ්‍රේණිගත කිරීම්වල දෙවැන්නා හැටියට නම් කර තිබුණ දුමිදු අවසාන තරගයේදී තරගාවලියේ පළමුවැන්නා ලෙස ශ්‍රේණිගතව සිටින ලෝක ශ්‍රේණිගත කිරීම්වල 95 වන තැන සිටින ගෝතමාලාවේ කෙවින් කොර්ඩන් සමග තරග වැදීමට නියමිතයි.


කෙවින් අවසාන තරගයට පිවිසීම සඳහා පැයක් ඉක්මවා ගිය සටනකින් පසුව එල් සැල්වදෝරයේ කැන්ජුරා ආටිගා වට 2-1 ට පරාජය කරනු ලැබුවා.ලකුණු තතත්වය වූයේ ලකුණු 21-18,13-21 සහ 21-14 ක් වූ අතර කැන්ජුරා ලෝක ‍ශ්‍රේණිගත කිරිම්වල 147 වන තැන පසුවෙනවා.සංඛ්‍යාත්මක දත්ත සළකා බැලිමේදී 138 වන තැන සිටින දුමිදුට කැන්ජුරා අභිබවා ගිය සටනක් කෙවින්ට ලබා දිය හැකි බව සිතිය හැකියි.ඒ අනුව බලන කළ II Costa Rica Future Series 2025 තරගාවලිය පිරිමි කේවල සූරතාවය හ්‍රී ලංකාවට හිමිවෙමින් නිමා වන්නට විශාල ඉඩක් පවතිනවා.


ඒ අතරින් බෙලජියමේ ක්‍රියාත්මක YONEX Belgian International 2025 තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේ අවසාන පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වුණා.දක්ෂතා දක්වමින් පෙරට පැමිණි 25 හැවිරිදි ජර්මන් ක්‍රීඩිකා මිරන්ඩා විල්සන් පරාජය කරමින් ලකුණු 21 – 12 සහ 21 – 14 ක් ලෙස ජයගත් රනිත්මා අවසන් පූර්ව තරගයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 68 වන තැන සිටින බල්ගේරියාවේ කලොයානා නල්බන්ටෝවා ඉදිරියේ ලකුණු 21 – 15 ක් සහ 21 – 13 ක් ලෙස පරාජයට පත් වුණා.
රොහාන් ද සිල්වාගේ අනුග්‍රාහක දායකත්වය මැද මේ වන විට දිලූක කරුණාරත්න යටතේ පුහුණුව ලබන රනිත්මාගේ කළමණාකරු ලෙස කටයුතු කරන ඔලිම්පික් ක්‍රීඩක නිලූක කරුණාරත්න තායිලන්තයේ පැවත්වෙන ලෝක ප්‍රවීන බැඩ්මින්ටන් තරගාවලියේදී ඉහළ දක්ෂතා දක්වමින් සිටින අතර රනිත්මා බෙල්ජියමේ දී මේ ආකාරයට දස්කම් දැක්වීම කැපී පෙනෙන කරුණක් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...