රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25 අතර සිටින තරුණ වේගවත්ස පන්දු යවන්නන් සහ වේගවත්ම පන්දු යවන්නියන් තෝරා ගැනීම සඳහා විවෘත පරීක්ෂණයක් සැප්තැම්බර් 14 වන දින රත්නපුර නගරයේ පිහිටි සීවලි ක්‍රීඩාංගණයේදී පැවත්වීමට රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙනවා.ක්‍රිකට් පරිපාලනයට අභිනවයෙන් පත් වූ නව නිල මඬුල්ල අලුත් මාවත් ඔස්සේ රත්නපුර ක්‍රිකට් රැඟෙන යන්නට දරන උත්සාහයේ අභිමානවත් පියවරක් විදිහට නම් කළ හැකි මේ කාරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නව පරිපාලනයට පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙනවා.


මෙහිදි වේගවත්ම පන්දු යවන්නා ලෙස තේරී පත්වන ක්‍රීඩකයාට රුපියල් 50000 ක මුදක් හිමිවීමට නියමිත අතර වේගවත්ම පන්දු යවන්නියට රුපියල් 25000 ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා.


මේ වන විට රත්නපුරයෙන් ජාතික කණ්ඩායමට පිවිස තිබෙන ක්‍රීඩකයින් දෙදෙනාමත් වේග පන්දු යවන්නන් වීම විශේෂයක්.ඒ අතරින් ඉසුරු උදාන පාසල් වියේදීම ක්‍රිකට් මෙන්ම මලල ක්‍රීඩාවෙන්ද දක්වන ලද දස්කම් හේතුවෙන් කොළඹ ඩීඑස් සේනානයක විද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍යය උදා කර ගත්තා.ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ වර්ථමානයේ කැපී පෙණෙන උපායශිලී වේග පන්දු යවන්නෙකු වන ඒෂාන් මාලිංග රත්නපුරයේ ක්‍රීඩාව තුළින්ම මේ වන විට ජාතික තලයට විහිද තිබෙන අවස්ථා ඔස්සේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කර ජාතික තලයට පිවිසීමට වරම් දිනා ගනු ලැබුවා.මේ දෙදෙනාමත් රත්නපුර වේග අනන්‍යතාවය තව දුරටත් පෙරට ගෙන යාම සඳහා දිරිදෙන්නට 14 වන දින රත්නපුර වේගවත්ම පන්දු යවන්නා සෙවීමේ වැඩ සටහනට එක්වීමට නියමිතව තිබෙනවා.


වර්ථමානයේ රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපතිත්වය දරන්නේ ද මීට වඩා දුෂ්කර තත්ත්වයක රත්නපුර ක්‍රිකට්වලට අඩු ඉඩක් පවතින වකවානුවක රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් සංචිතයට පිවිසීමට සුදුසුකම් ලබන්නට සමත් වූ ක්‍රීඩකයෙකු වන ප්‍රසන්න ගමගේ යි.ඔහු සහ පත්ව ඇති නව පරිපාලනය උත්සාහ කරමින් සිටින්නේ තමන්ට පැමිණි දුෂ්කරතා ඉවත් කර රත්නපුර හරහා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට හැකි නව පදනමක් නිර්මාණය කිරීමටයි.
එම වැඩ පිළිවෙලේ එක් වැදගත් පියවරක් හැටියට හැඳින්විය මෙම වේගවත්ම පන්දු යවන්නා සහ වේගවත්ම පන්දු යවන්නා සෙවීමේ වැඩ සටහන හැඳින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...