දේශබන්දුට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් නිසා ළය රෝහලේ කටයුතු අකර්මණ්‍ය වෙලා !

Date:

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කෙරිණි. අදාල සැකකරුවන් දෙදෙනාගේ නීතිඥවරයා ඊයේ මෝසමක් මගින් මෙම ඉල්ලීම සිදු කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ ළය රෝහලේ තාක්ෂණවේදීන් ලෙස කටයුතු කරන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එහි සායන කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නේ.

මොවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම හේතුවෙන් කොළඹ අවට සියලු රෝහල්වලින් එකතු කරන සාම්පල වැලිසර ළය රෝහල වෙත රැගෙන යාම සම්පූර්ණයෙන් නතර වී ඇති බවත්, මොවුන් දෙදෙනා නොමැතිව එම කටයුතු සිදුකළ නොහැකි බවත් නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මොවුන්ගේ සේවා අවශ්‍යතාවය සම්බන්ධයෙන් ළය රෝහලේ වෛද්‍ය ගෞරි ද සිල්වා මහත්මිය ලිපියකින් තහවුරු කර ඇති අතර අදාල ලිපියද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.

නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහරදීමේ සිදුවීමට තම සේවාදායකයන් දෙදෙනාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. සේවා අවශ්‍යතාවය පදනම් කර ගනිමින් හෝ සැකකරුවන් ඇපමත මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කළේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා සැකකරුවන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි.

ඇප ඉල්ලීම ලබන 15 වැනිදා සලකා බැලීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට...

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර; ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)උදෑසන ඊශ්‍රයල හමුදාව...