*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

නන්දලාල්ටයි, සිරිවර්ධනටයි මාසෙකට රු. ලක්ෂ 25 ක වැටුපක් ඉගිල්ලෙන්න ද?

මුළුමහත් දිවයිනම බංකොලොත්භාවයෙන් පීඩා විඳින මොහොතක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසේකර සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන අයට මසකට රු. මිලියන 2.5 කට අධික වැටුපක් ගෙවන බව වාර්තා වේ.

එපමණ මුදලක් ගෙවන්නේ ඇයි?

මෘදු ණය පැහැර හැරීමක් හෙවත් ‘සොෆ්ට් ඩීෆෝල්ට්’ යැයි කියාගත් පදයක් මත රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්කරමින් පාර්ලිමේන්තුවේ හෝ කැබිනෙට්ටුවේ අවසරය වත් නොමැතිව ණය පැහැර හරින බවට නිවේදනය කර ශ්‍රී ලංකාව ණය ලබා දීමට නුසුදුසු රාජ්‍යයක් යන තැනට වැඩ සිදුකළේ වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසේකර ය.

සිවිල් ක්‍රියාකාරී සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ට අනුව, වත්මන් මහ බැංකු අධිපතිවරයාට රු. මිලියන 2.5 කට අධික වැටුපක් මාසිකව හිමිවේ. එපමණක් නොව, විශ්‍රාම වැටුපකට හිමිකම් කියා නතර නොවන නන්දලාල්, තවත් රු. මිලියනයක වැටුපක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද ලබා ගන්නා බවට රවී කුමුදේශ් චෝදනා කරයි.

මේ හා සමානවම, භාණ්ඩාගාර ලේකම් හෙවත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට ද මසකට රු. මිලියන 2.5 ක වැටුපක් දීමනා ද සහිතව හිමිවන බව වාර්තා වේ.

එතැනින් ද නොනැවතී, මහ බැංකු අධිපතිවරයාට ඇඳුම් කට්ටල දීමනාවක් සඳහා වාර්ෂිකව රු. මිලියන 2ක් ද, වෛද්‍ය පහසුකම්, නිවසක් සහ බෙන්ස් කාරයක් ද හිමිව තිබේ.

පෞද්ගලික අංශයේ සිටින ඉහළ ව්‍යාපාරිකයන් වත් මෙපමණ අධික වැටුපක් මසකට නොඉපයන පසුබිමක මහ බැංකු අධිපතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්ට මෙවන් වැටුපක් ගෙවීමට ඇත්තටම රජයට සිහිය විකල් වෙලා ද?

රජයන්වල පමණක් නොව සාර්ව ආර්ථික කළමනාකරණයේ න්‍යායන් පවා වෙනස්කිරීමට සමත් වූ යුගයේ සිටි ශ්‍රේෂ්ටතම ආර්ථික විශේෂඥයකු වූ ජෝන් මේනාර්ඩ් කීනස්ටත් වඩා ආර්ථික විද්‍යා දැනුමක් ඇති සමඟි ජන බලවේගයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට නම් මහ බැංකු අධිපතිවරයා වීරයෙකි. එහෙත් ණය පැහැර හැරීම නිවේදනය කිරීම හරහා ඔහු රටෙහි ආර්ථිකයට කළ විනාශය සුළුපටු එකක් නොවේ.

අවාසනාවට අ.පො.ස සා/පෙළ වත් සමත් නැති බහුතරයක් සිටින පාර්ලිමේන්තුවත් මෙම මහා විනාශය ඉදිරියේ නිහඬ ය.

රටේ ජීවත් වන අහිංසක ජනතාවට එක වේලක්වත් පිරිමසා ගැනීමට නොහැකි තැනට රටේ ආර්ථිකය කඩා වැටී ඇති පසුබිමක මේ අදක්ෂ ඉහළ නිලධාරීන් දෙදෙනාට මෙතරම් විශාල මුදලක් වැය කරන්නේ ඇයි?

මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා අද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පවා කඩා වැටී ඇත. එහෙත් ඔවුන් විපක්ෂයට වීරයන් වී ඇත.

මේ බල අපයෝජනය නතර කිරීමට අරගලය යොමුවේවිද? දැන්වත් මේ විගඩම නතර කිරීම වහා පියවර ගන්න.

ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan