ලංකාවට එරෙහිව දැඩි පියවර ගන්න – මානව හිමිකම් සංවිධාන 04 ක් ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි

Date:

ශ්‍රී ලංකාව තුළ ඉතා බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හතරක් ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබෙනවා. එම සංවිධානය ලිපියක් යොමු කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළයුතු බවයි.

ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල්, ෆෝරම් ඒෂියා, හියුමන්රයිට් වොච්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම යන සංවිධාන විසින් මෙම ලිපිය යොමුකර ඇත.

නිදහස ලැබීමෙන් පසුව ඉතිහාසයේ දැවැන්තම ආර්ථික, දේශපාලනික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තුළ ඇති වූ දැවැන්ත විරෝධය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ බව පෙන්වා දෙන අදාල මානව හිමිකම් සංවිධාන වැඩිදුරටත් පවසන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිය යටපත් කරමින් විවිධ මර්දනකාරී හා පීඩාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී නීති සාමාන්‍ය ජනතාව මර්දනය කිරීම සඳහා භාවිතා කරන බැවින් වහාම මෙම මර්දනය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...