සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී ඇති අතර එම වාර්තාව මේ වනවිට අධ්‍යයනය සඳහා යොමු කර ඇති බව අමාත්‍යාංශ ලේකම් යූ. ඩි. සි ජයලාල් මහතා සඳහන් කරයි.
යල කන්නයේ කුඹුරු ඉඩම් සඳහා උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමේදි පසුගිය දිනවල දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවූ අතර ඒ, සමනල වැව ජලාශයෙන් උඩවලවට ජලය නිකුත් නොකිරීම හේතුවෙනි. ඒ අනුව දින කිහිපයක් ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වලව කලාපයේ ගොවිබිම් රැසකට බලපෑම් එල්ල වූ අතර ගොවීන්ගෙන් එල්ල වූ බලපෑම් මැද අනතුරුව සමනල වැවෙන් ජලය නිකුත් කළ ද ඒ වනවිටත් වලව ගොවිබිම් රැසක් හානියට පත් වී තිබුණු බව දක්නට ලැබුණි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
