සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඊයේ (12) දින හොරපේ දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක මුදලක් ප්රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
තවද, අද දිනයේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 13ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර, දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.වර්ජනය හේතුවෙන් ඊයේ (12) දිනයේ ද දුම්රිය ගමන් වාර 119ක් අවලංගු වී තිබුණි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??