*
Monday, October 7, 2024
spot_img

Latest Posts

විස්සයි පනහයි පටලවා ගැනීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩිකාවෝ විස්සයි විස්ස තරගාවලියේ ජයෙන් පසුව එක්දින තරගාවලියට පිවිසුණ ද,එයට එතරම් සාර්ථක අන්දමින් මුහුණ නොදෙති.පළමු තරගයෙන් එංගලන්තය පහසුවෙන්ම ජය ගත් අතර දෙවන තරගය වර්ෂාව නිසා සේදී ගිය ද,එහිදී ද පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තරගය වර්ෂාව හේතුවෙන් නවත්වා දමන විට ලකුණු 106 ට කඩුලු 9 ක් ම අහිමි කර ගෙන තිබිණ.
තරගාවලිය පුරාම සහ කාලයක සිටම දකින ලෙස නිශ්චිත පිතිකරණ නාමාවලියක් ශ්‍රී ලංකාවට නැත.දවසින් දවස වෙනස් නොවන පිතිකරණ අංකවල ස්ථාවරව සිටින්නේ චමරි අතපත්තු පමණි.විස්සයි විස්ස තරගයකට වඩා ආකෘතිමය වශයෙන් වෙනස් එක්දින තරග රටාවේදී අලුත් ක්‍රිඩිකාවන් වන සහ දක්ෂතා අතින්ද විශ්වාසයක් ගොඩ නඟා තිබෙන විශ්මි ගුණරත්නට සහ හර්ෂිතා සමරවික්‍රමට ආරම්භය පවරා මදක් පහළට එන්නට අප චමරිට කරන යෝජනාවට දැන් බොහෝ වයසය.නමුත් එය සිඳු නොවී වෙනත් පිතිකරු අංක ඒ මේ අත ඇදීමම සිඳුවන්නේ පුහුණුකාරීත්වයේ දැඩි විශ්වාසය මත ද චමරිගේ ඇති බලය මත ද යන්න අපි නොදනිමු.


පන්දු ඕවර් 50 ක ගමණක් තුළ දී අත්දැකීම් ඇති පරිනත ක්‍රීඩිකාවක් තරමක් මැදට වන්නට වගකීමට උර දෙන්නට සිටීම වැදගත්ය.හැකියාව සහ අත්දැකීම ද සහිතව ලෝකයේ ඕනෑම පන්දු යවන්නියකට අභියෝගයක් විය හැකි පිිතිකාරීණියක වන චමරි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ අභියෝගය භාර ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයට එය අතිශයින් වැදගත් වනු ඇත.ප්‍රවේගකාරී වීම තරමටම අත්දැකීම් හරහා තැන්පත්වීම,නිර්ලෝභිවීම සහ නිරහංකාරි වීම යන කාරණාද වැදගත්ය.ඊ ලඟට පළපුරුද්ද සහ නායකත්වයේ ලක්ෂණයක් හැටියට වගවීම සහ කැප කිරීම් ද අදාළය.
විස්සයි විස්ස තරගයක මෙන් ඉක්මන් නොවී පිටියේ ස්ථාවර වී පන්දුවට පහර දීමේ ගුණය ගෙවුණු එක්දින තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දුර්වල ලෙස ප්‍රදර්ශනය කළහ.දක්ෂතාවය ඇගයීම තරමටම ඒ දුර්වලතාවයද සාකච්ඡාවට ගත යුතුය.චමරි මාරයි කියන තැන ඒ ප්‍රහාරයන් හමුවේ නොකියන්නට අපි කුහක නොවුණ ද,චමරි කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග පිටියේදී කළ හැකි දේ තවත් ඇති බව අපේ ව්ශ්වාසය වන්නේය.එයින් පළමුවැන්න කණ්ඩායමේ කඩා වැටීම රඳවා ගැනීමට මැඳින් ආධාරයක් වීමට ඇයට ඇති හැතියාව මෙන්ම කණ්ඩායමට එය අවශ්‍යයතාවයක්ව තිබීම තේරුම් ගැනීමය.


සාමාන්‍යයෙන් මෑත කාලයේ ලකුණු අතර සිටින පිතිකාරිනියක් හැටියට සිය වගකීම ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින් ඉටු කරන නිලක්ෂි ද සිල්වා ඊයේ තරගයෙන් ඉවත් වී ඇත්තේ ආබාධයක් නිසා ද නැද්ද යන්න පැහැදිළි නැත.නමුත් ඇය තරගයක දෙකක ලකුණු සළකා ඉවත් කළ යුතු මට්ටමකින් පසුගිය කාලයේ ක්‍රීඩා කළේ නැත.
කෙසේ වුව ජයග්‍රහණයේදී අපිට සතුටු වෙන්නට ඇති කාන්තා සාධකය මේ වන විට චමරි අතපත්තු වී ඇත.එය නි බොරුය.එහෙත් එපමණක් නොවන දක්ෂයන් පිරිසක් ඇයගේ සහයට සිටියි.ඒ අතරින් පසුගිය කාලයේ කැපී පෙණුනේ හර්ෂිතා සමරවික්‍රම,කවීශා ගයත්‍රි,නිලක්ෂි ද සිල්වා සහ විශ්මි ගුණරත්න ප්‍රමුඛය.පන්දු යැවීමෙන් ඉනෝකා රණවීර ප්‍රමුඛත්වයට පත්වන අතර උදේශිකා ප්‍රබෝධනිගේ මදවේග පන්දුව මේ වන විට නිසි පාලනයකින් ක්‍රියාත්මක කිරීම ද ප්‍රශංසාවට ලක් විය යුතුය.


කෙසේ නමුත් ශ්‍රී ලංකාව ජය ගන්නා අවස්ථාවන්ගෙන් සියයට 99 ක් ම හැඩ වෙන්නේ චමරිගේ හැකියාව මතය.එසේ නොවුණු අවස්ථා ඇත්තේ අල්ප වශයෙන්ය.එහෙත් චමරි තවත් ජයග්‍රහණ සඳහා සිය හැකියාවෙන් පමණක් නොවී කැපකිරීමක් ද කර දායකත්වය දෙන්නේනම් වැදගත්ය.අපි ඉදිරයේ වඩාත් පළල් හැඟීමක් ඇති නායිකාවක් ලෙස කණ්ඩායම වෙනුවෙන් තමන් කැප කරන නායකත්වයක් චමරිගෙන් බලාපොරොත්තුව සිටිමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan