ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ දෙඇසේ කැවී කැවේ..

Date:

යුක්රේන යුද්ධය වෙනුවෙන් උතුරු කොරියානු ආයුධ සැපයීම ඇතුළු ප්‍රධාන කාරණාවන් රැසක් පිළිබඳව සාකච්ජා කිරිමටට උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්-උන් සිය අතිජාත මිත්‍ර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට රුසියාව බලා සිය වෙඩි නොවදින දුම්රියෙන් ගොස් ඇතිබව වාර්තා වෙමින් තිබේ.

මේ සාකච්ජාව තියෙන්නේ, කොස්මොඩ්‍රෝම් වල. ඒ ක්‍රමිලනයට 213 KM ඈතින්. සිය සගයා පිළිගන්න පුටින් තකහනියෙම එහෙ ගිය බව තමයි TASS පුවත් සේවය වාර්තා කලේ.

මේ වන විට පුටින්ට එරෙහිව පසුගිය මාර්තු මාසයේ සිට යුධ අපරාධ හේතුවෙන් බලපැවැත්වෙන ජාත්‍යන්තර අපරාධ නිතිය යටතේ ඕනෑම මොහොතක රුසියානු දේශ සිමාවෙන් පිටත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර ඇති බැවින් කාලෙකින් තමන් බලන්න එන අමුත්තා පිළිගන්න පුටින් දොර ළඟටම ගිහින් පාවඩ එලුවා වෙන්න පුළුවන්. මොකද , මේ නිතිය හින්දම වීරයා පසුගිය සතියේ ඉන්දියාවේ පැවැත්වුණු G20 සමුලුවටවත් ගියෙත් නැහැ.

ජාත්‍යන්තර වශයෙන් බොහෝ විශ්ලේෂකයන් කියන්නේ පුටින් හරි පවු කියලා කිම් ජොන්-උන් වගේ කෙනෙක්ගෙන් උදවු ඉල්ලන්න තරම්. හැබැයි එයාලම කියනවා මේ වෙනුවෙන් ප්‍රති උපකාර විදිහට උතුරු කොරියාව ආහාර හෝ බලශක්ති ආධාර වගේම රොකට් තාක්ෂණය ගැන අලුත් දැනුම ඉල්ලයි කියලා.

යුක්රේනයේ මාස 18ක් පුරා පැවැත්වෙන සටන් හේතුවෙන් රුසියාව අගාධයකට වැටි ඇති බව නම් මේ වෙද්දී නොරහසක්. ජාත්‍යන්තර සම්භාදක හින්දම සිය ආනයනික භාණ්ඩ වන තිරිඟු පිටි, පොහොර ඇතුළු බොහෝ දේවල් රට ඇතුලෙම හිරවෙලා. ආර්ථික වශයෙන් නම් පුටින් වැටිලා නැති උනත් තත්වය බරපතලයි.

කිම් පුටින් බලන්න යන්න ඉන්නවග ඇමරිකාවේ බුද්ධි අංශ වාර්තා කරේ ගිය සතියේ. හිතුවක්කාරයෝ දෙන්නා හම්බෙන්නෙම බයිඩන් ඇතුළු යුරෝපා සංගමේ රටවල්වල කනස්සල්ල මැද,

මේ ගැන උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කලේ, ‘රුසියාව තම ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා පූජනීය සටනකට නැගී සිටින බවත්, ජනාධිපති පුටින්ගේ සහ රුසියානු නායකත්වයේ තීරණවලට සහය ලබා වෙන බවට උතුරු කොරියානු ජනාධිපතිවරයා තහවුරු කරලා ඇති’ බව.

තත්වය මෙසේ හෙයින් මිත්‍රවරුනි මේකේ ප්‍රති විපාක ඉදිරියේදී අපි කාටත් ගෙවන්න වෙයි වගේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...