හැම ප්‍රා.ලේ. කොට්ඨාසයකටම තොරතුරු තාක්ෂණ උද්‍යානයක්. කොළඹට සිලිකොන් නිම්නයක් – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් වැඩි ආදායමක් ලබන, දැනුම කේන්ද්‍රීය මධ්‍යම පන්තියක් බිහිකර රටේ දැවැන්ත සංවර්ධනයකට මුල පුරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපේ රටේ තරුණ පරපුර තම දක්ෂතාව, අධිෂ්ඨානය, කැපවීම තුළ තමන්ට කැමති ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අපි ඉඩ ප්‍රස්තාව සලසා දෙනවා. අපේ අවසාන ඉලක්කය හැම ආසනයකම, එහෙමත් නැත්නම් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරන්න. අයිටී පාර්ක්ස් ආරම්භ කරන්න. ඒ තුළ අපි අදහස් කරන වැඩි ආදායමක් ලබන, දැනුම කේන්ද්‍රීය මධ්‍යම පන්තිය අපේ තරුණ පරපුරෙන් සමන්විතව මේ රටේ මහා දැවැන්ත දියුණුවකට මුල පුරනවා. මෙන්න මේකයි කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ප්‍රධානතම වැඩපිළිවෙල. අපනයන ප්‍රවර්ධනය කරන්නට ඉක්මන්ම ක්‍රියාමාර්ගය තමයි තොරතුරු තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කිරීම. තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අපනයනය ප්‍රවර්ධනය කරනවා වගේම දිස්ත්‍රික්කයේත් අපි සිලිකොන් නිම්නයක් ආරම්භ කරන්නට ඕනෙ. කිසිම සැකයක් හිතේ තියාගන්නට එපා, රට ගොඩනගන හොඳම කණ්ඩායම, හොඳම ටීම් එක ඉන්නෙ සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ තලවතුගොඩදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...