*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

මේක ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මිස තවත් දෙවෙනියෙක් නැහැ – රාජිත

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී බලය දිය යුත්තේ මහා වීර ක්‍රියාවක් කර තිබෙන පුද්ගලයාටද පැන ගිය බියගුල්ලන්ටද යන්න ජනතාව තීරණය කළ යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) බේරුවලදී පැවති පුළුවන් ශ්‍රී ලංකා මහජන රැළිය අමතමිනි.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන බය නැතුව රට භාරගෙන ජනතාවත් සමඟ ඉතා දුෂ්කර ගමනකින් පසු මේ වන විට ස්ථාවරයකට පැමිණ තිබෙන බවයි එහිදී සේනාරත්න මහතා කියාසිටියේ.

ග්‍රීසිය තුළද බංකොලොත්භාවයෙන් පසු රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් පැමිණ කටයුතු කරමින් සිටියදී ආර්ථික අපහසුතා නිසා ඔහුව බලයෙන් පහ කර විපක්ෂ නායකයා බලය ගත්තද ඔහුටත් රට පවත්වා ගෙන යාමට නොහැකි අතර වසරක් තුළ ආණ්ඩු හතරක් පිහිටුවා ගත් බවත් අවසානයේ ග්‍රීසියට ගොඩායමට වසර 10ක් පමණ ගත වූ බවත් එවැනි පාඩම් වලින් අපද උගත යුතු බව සේනාරත්න මහතා පැහැදිලි කරන ලදී.

එදා රට වැටුණු අවස්ථාවේ ලංකාවේ උද්ධමනය 71%ක් දක්වා ඉහළ ගියද ග්‍රීසියේ උද්ධමනය 273%ක් වැනි ඉතා ඉහළ අගයකට ගිය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එදා ග්‍රීසිය තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප 18% 22% අතර ප්‍රමාණයකින් අඩු කළ බවත් ශ්‍රී ලනකව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවැනි දෙයක් නොකළ බවද ඔහු සිහිපත් කරන ලදී.

අඩු ආදායම්ලාභීන්ට ද වික්‍රමසිංහ මහතා කිසිදු කප්පාදුවක් නොකළ බවයි සේනාරත්න මහතා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගලවා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඒ වෙනුවෙන් දෙවෙනියෙක් නොමැති බවයි ඔහු තවදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan