අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත් ද යන්න පැහැදිළි කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට එරෙහිව පැවති ආසියානු කුසලාන තරගාවලියේ බංගලාදේශයට එරෙහි තරගය පහසුවෙන් ජය ගනු ලැබුවා.කඩුලු 6 කින් ජයගත් තරගය පන්දු 32 ක් ඉතිරිව තිබියදී හමාර කිරීමට සමත් වීමෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින බවත් පැහැදිළි කළා.


කාසියේ වාසිය ලබා ගත් චරිත් අසලංක මුලින්ම පන්දුවට පහර දීමට බංගලාදේශයට කළ ඇරයුමට සාධාරණය ඉටු කළ නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ලකුණු නොදී ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණා.දෙදෙනාගේම පන්දු යැවීමේ අවසානය කියැවුණේ පන්දු ඕවර් 4 එක් නිලකුණු ඕවරයයි,ලකුණු 17 ට කඩුල්ලක් ලෙසයි.මෙම පීඩනය කළමණාකරනය කර ගන්නට බංගලාදේශයට හැකි වුණේ නැහැ.ලකුණු වේගය පවත්වා ගැනීම ද කඩුලු ලබා නොදී සිටිම ද කියන කරුණු අතර සිර වුණ බංගලදේශ පිතිකරුවන් දෙදෙනෙකුම ලකුණු 25 ට දවා ගන්නට වනිඳු හසරංග සමත් වෙනවා.


බංගලාදේශ පිතිකරුවන් අතරින් පීඩනයට එරෙහි වෙමින් යම් සාර්ථකත්වයක් ලබන්නට උත්සාහ කරන්නේ ජකීර් අලි සහ සමීම් හුසේන් වන අතර ඔවුන් දෙදෙනා හයවන කඩුල්ලට ලකුණු 86 ක නොබිදි සබඳතාවයක් පවත්වනු ලබනවා.10 වන ඕවරයේ අවසාන පන්දුවේ සිට විසිවන ඕවරය නිමාවන තෙක් පිටියේ සිට එම දෙදෙනා පන්දු ඕවර් 10.1 ත් තුළ ගොඩ නැඟූ හයවන කඩුල්ලේ සබදතාවයට ජකීර් අලී පන්දු 34 දී ලකුණු 41 ක් ලබමින් සහ සමීම් හුසේන් පන්දු 34 දී ලකුණු 42 ක් ලබමින් දායක වෙන්නට සමත් වුණා.


බංගලාදේශය ලකුණු 139 ක් කඉුලු 5ක් දැවී ලබා ගනිමින් ලකුණු 140ක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට දුන් ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකාවට ලකුණු පූවරුව 13 ක් ව තිබියදී පළමු කඩුල්ල අහිමි වෙනවා.එහෙත් එතැන් සිට කුසල් මෙණ්ඩිස් පිටියේ සිටියානම් හොඳයි වැනි හැඟීමක් ඇති කරමින් දෙවන කඩුල්ලට ලකුණු 95 ක සබඳතාවයක් ඇති කරන්නට පැතුම් නිශ්ශංක (50) සහ කමිල් මිශාර (නොදැවී 46) සමත් වෙනවා.11 වන පන්දු ඕවරයේ තුන්වන පන්දුවට පැතුම් දැවී යාමෙන් ඉනික්බිති වගකීම සිය දෙ‘උර මත තබා ගන්නා කමිල් මිශාර ශ්‍රී ලංකාවට තවත් කඩුලු 2 ක් අහිමි වෙන තෙක් ද නොසැලී සිටිමින් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් ලබා දෙන්නට මුල් වෙමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගන්නට සමත් වෙනවා.


මේ ජයග්‍රහණයත් සමඟ බංගලාදේශයට අවසාන කණ්ඩායම් 4 අතරට ඒමට අපහසු තත්තවයක් නිර්මාණය වූ අතර ඔවුන්ට ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය ජය ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ තීරණය දෙසද විමසිල්ලෙන් බලා සිටින්නට සිඳු වෙනවා.ආසියානු කුසලාන තරගාවලියේ සිටින ටෙස්ට් ජාතීන් අතර වඩාත් අපහසු තරගයට මුහුණ දෙන්නට සිඳු වුණේ ශ්‍රී ලංකාවට බව අප තරගයට පෙර සටහනෙන් පැහැදිළි කරනු ලැබුවා.එහෙත් එම අපහසු තරගය පහසුවෙන් ජය ගනිමින් වඩාත් සුව පහසු තැනෙක ස්ථාවර වෙන්නට ශ්‍රී ලංකාවට දැන් හැකි වී තිබෙනවා.එහෙත් ක්‍රිකට්වල රමීනයත්වය ඇත්තේම ජය සහ පරාජය සම්බන්ධයෙන් වන අවිනිශ්චිතභාවය මතයි.කිසිවෙකුත් පරාජය වන්නට තරග වඳින්නේ නැති නිසා ඉදිරි තරග ශ්‍රී ලංකාවට සුළුවෙන් ගන්නට බැහැ.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/3K09mLX

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...