ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින්, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) දහවල් පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරින් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිරීක්ෂණය විය. එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු අදියර යටතේ සිසු සිසුවියන් 28 දෙනෙක් සඳහා ශිෂ්‍යාධාර ලබා දී‌ම මෙහිදී සිදු විය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු සහ විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...